Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තනිකඩ රන්ජන්ගේ නිවස හදිසියේ කළ එළි කරයි.. මනමාලියෙක්‌ ගැන දුරකථන ඇමතුමක්

1085Views

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තවත් ගතකරන්නේ තනිකඩ ජිවිතයක්.

රන්ජන් මේ දිනවල තමන්ගේ නිවස අලුත්වැඩියා කරන අතර කතානායක කරූ ජයසූරිය ඔහුට දුන් දුරකථන ඇමතුමක දී විමසා තිබුණේ මනමාලියෙක්‌ ගේන අදහසින් නිවස අලුත්වැඩියා කරනවා ද යන්නයි.

“ඉන්න තැන ලස්‌සනට තියාගන්න එපායෑ. හැබැයි පාර්ලිමේන්තුවෙන් නම් ශතයක්‌වත් එපා.මම පුද්ගලික වියදමෙන් කරන්නේ.මනමාලියෙක්‌ ගෙනල්ලා දරු පවුල් හදාගන්නේ කොහොමද සර්. එපා වෙනවනේ මිනිස්‌සු දරුවන්ව පාසැල්වලට දාගන්න ගිහින් විඳින දුක දැක්‌කම.” යනුවෙන් රන්ජන් ඊට පිළිතුරු දී තිබුණා.

“නෑ… එහෙම උනොත් අපිත් උදව් කරන්නම්.” එසේ කියා ඇත්තේ කරූ ජයසූරියයි.

රන්ජන් නිවස අලුත්වැඩියා කිරීමට මූලිකම හේතුව වී ඇත්තේ ඇතැම් ප්‍රධාන පෙළේ කලාකරුවන් පැමිණි අවස්ථාවක දී ලංකාවේ සුපර් ස්ටාර්ගේ නිවසේ හැටි මෙහෙමද යන්න විමසා සිටීමයි.

“මට අම්මත් නෑ..තාත්තත් නෑ..මේක මගේ නිල නිවාසය “යනුවෙන් රන්ජන් ඊට පිළිතුරු දී තිබෙනවා.

පසුව මෙම ස්ථානයට තානාපති අංශ නිලධාරීන් ඇතුළු විශේෂ පිරිස් පැමිණෙන නිසා තම පුද්ගලික වියදමින් නිල නිවස අලුත්වැඩියා කිරීමට රන්ජන් තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.