Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රිකට් පිළේ යළිත් අර්බුධ හදයි – තේරීම් කමිටු ලොක්කෙක් ක්‍රීඩකයන් බිලී බාන්නේ මෙලෙසයි

968Views

ඉදිරි ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ දී ප්‍රධාන ක්‍රීඩා සමාජ දෙකකට තරග කරන ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂයන් රැසකට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වනවා.

තේරීම් කමිටු ප්‍රධානියෙකු මෙම බලපෑම් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.
මෙලෙස බලපෑම් එල්ල වන ක්‍රීඩකයන් අතර පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ නවකයන් ද වන බවයි වාර්තා වන්නේ.

තමන් මෙතෙක් නියෝජනය කළ ක්‍රීඩා සමාජ අතහැර දමන ලෙසත් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට නම් මෙම ක්‍රීඩා සමාජවලට එක්විය යුතු බවත් ඔවුන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම ක්‍රීඩා සමාජ දෙක නියෝජනය කරන ප්‍රබලයන් දෙදෙනෙක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු හොබවනු ලබනවා.