Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

යාපනයට ගිය ‘ඇමති’ තල්සෙවණේ ගැටේ

1005Views

යාපනයේ පැවැත්වෙන ජාතික ක්‍රීඩා උලෙළ වෙනුවෙන් යාපනයේ තල්සෙවණ උත්සව ශාලාවේ දී පැවති භෝජන සංග්‍රහයක් අතරදී අර්බුධකාරී වාතාවරණයක් මතුවූ බව වාර්තා වනවා.

එහිදී වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අතර දැඩි බහින්බස්වීම් ඇතිවී ඇති අතර ඔහු සමග පැමිණි පිරිසක් මාධ්‍යවේදියෙකුගේ ජංගම දුරකථනය ද බලහත්කාරයෙන් රැගෙන ඇති බවයි පැවසෙන්නේ.

යාපනය පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද මේවන විට දමා තිබෙනවා.