Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

Rolls Royce කාරය කුළියට දෙනවා – මෙන්න ගණන් මිණුම්

986Views

පසුගිය දා Rolls Royce Wraith මාදිලියේ රථයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමත් සමග රෝල්ස්‌ රොයිස්‌ පිළිබඳව විවිද තොරතුරු සංසරණය වෙමින් පවතිනවා.

ලංකාවේ දැනට රෝල්ස්‌ රොයිස්‌ කාර් 16 ක්‌ තිබෙන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වනවා.

මේ අතර විශේෂ අවස්‌ථා සඳහා කුලියට ගැනීමට හැකි රෝල්ස්‌ රොයිස්‌ රථ කිහිපයක්‌ ද ලංකාවේ ඇති බවයි වාර්තා වන්නේ.

මංගල අවස්‌ථා සඳහා මනාල යුවළට ගමන් කිරීමට කුලියට දෙන මේ රථ කුලී පදනම මත ලබාගත හැකියි.

නමුත් එය ඔබටම එළවාගෙන යෑමේ අවස්‌ථාව හිමි නොවන අතර ඔවුන් විසින් ලබා දෙන රියදුරෙක්‌ සමග රෝල්ස්‌ රොයිස්‌ රථයකින් ගමනක්‌ යෑම සඳහා අය කිරීම් කරනු ලබන්නේ කාලය සහ දුර අනුවයි.

නවීන පන්නයේ මෙම රථයක්‌, පැය දෙකක්‌ සහ කිලෝ මීටර් තිහක්‌ සඳහා ලබා ගැනීමේදී රුපියල් 17,500 ක කුලියක්‌ ගෙවිය යුතු වනවා.

පැය හතරක්‌ සහ කිලෝමීටර් හතළිහක්‌ සඳහා රුපියල් 19,500ක් ද පැය අටක්‌ සහ කිලෝ මීටර් අසුවක්‌ සඳහා රුපියල් 22,000 ක මුදලක්‌ අය කරන අතර අමතර පැයකට රුපියල් 2000 බැගින් සහ අමතර කිලෝ මීටරයකට රුපියල් 195 බැගින් අය කරනු ලබන බවයි වාර්තා වන්නේ.