Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලසන්තව මැරූ බවට සැක කරන ‘Captive Bolt අවියෙන්’ සත්තු මරණ වීඩියෝව (VIDEO)

1045Views

2009 ජනවාරි 8 වැනිදා දෙහිවල අත්තිඩියේදී ප්‍රහාරයකට ලක්‌ව මියගිය ලසන්ත වික්‍රමතුංගගේ සිරුර පසුගිය දා යළිත් ගොඩ ගනු ලැබුවා.

ඔහුට ප්‍රහාරය එල්ල කළ අවිය කුමක් ද යන්න මේ වනවිටත් සොයාගත නොහැකි අතර එම අවිය සම්බන්ධ අදහසක් දිවයින ඉරිදා සංග්‍රහයේ පළ කර තිබෙනවා.

‘ඔහුට ප්‍රහාරය එල්ල කර තිබුණේ Captive Bolt වර්ගයේ පිස්‌තෝලයකින් විය යුතුය. බැටලුවන් සහ ගවයන් ඝාතනය කිරීමට පෙර උන් සිහි නැති කිරීම සඳහා බටහිර ලෝකය මේ පිස්‌තෝලය යොදා ගනී. එය සතාගේ හිස මැදට තබා තද කර කොකා ගැස්‌සූ විට එයින් එළියට ඇදෙන තියුණු උලක්‌ මගින් සතාගේ මහ මොළය විනාශ කරනු ලැබේ. එසේ සිහි නැති කරන ලද සතාගේ ගෙල කැපීම ලෙහෙසිය.’

එලෙස Captive Bolt වර්ගයේ පිස්‌තෝල යොදා ගනිමින් සතුන් මරණ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.