Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගේල් 6 පිට 6 පලලා අමුතු ආකාරයකටත් සමරලා (VIDEO)

1606Views

මේ දිනවල කොදෙව් දූපත් වල පැවැත්වෙන කැරිබියන් ටී 20 ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයේදී Trinbago Knight Riders පරදා Jamaica Tallawahs කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

මෙම තරඟයේදී Jamaica Tallawahs පිල වෙනුවෙන් ක්‍රිස් ගේල් 6 පහර 11 හා 4 පහර 6 සමගින් පන්දු 54 දී ලකුණු 108 ලබාගත්තේ ටී 20 ඉතිහාසයේ බිහිවූ හොඳම පිතිකරු තමා බව නැවත වරක් පසක් කරමිනුයි.

ගේල් ලකුණු 94 ලබා සිටියදී උඩපන්දුවක් ලබා දී දැවී යන අතර,එය නිපන්දුවක් බව තෙවන විනිසුරු තීරණය කිරීමත් සමග ඔහුට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව උදා වුණා.

ඔහු ශතකය ලබා ගැනීමෙන් අනතුරුව දරුවෙකු නලවන අකාරයෙන් එය සැමරූ අකාරය ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වුණා.

ඔහුගේ අලුත උපන් සිඟිති දියණිය සිහි කරමින් මෙසේ තම ශතකය සමරන්න ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ක්‍රිස් ගේල්ගේ ශතකය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.