Wednesday, June 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ස්‌වයං පාලන වගන්ති ව්‍යවස්‌ථාවට රිංගවන්න ද්‍රවිඩ සංසදය ට්‍රයි කරයි

927Views

උතුරු නැගෙනහිරට ස්‌වයං පාලනයක්‌ ලබා දෙන වගන්ති යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන ලෙස බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විදෙස්‌ගත ද්‍රවිඩ ඩයස්‌ පෝරාවෙන් කළ ස්‌වයං පාලන

ඉල්ලීම මත එම ස්‌වයංපාලන යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා රජය හා උතුරු නැගෙනහිර පාලනයට සම තත්ත්වය ලබාදිය යුතු බවද ගෝලීය ද්‍රවිඩ සංසදය තවදුරටත් දක්‌වා ඇත.

එහෙත් තම යෝජනාවට රජය නිසි ප්‍රතිචාර දක්‌වා නැති බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි)

YOU MAY ALSO LIKE