Tuesday, December 12, 2017
- nethgossip.lk@gmail.com

මිය ගිය කොටි සමරන්න ගිහින් කොටි කොටිම කපා කොටා ගනිති

809Views

මියගිය කොටි සැමරීම සඳහා මතුවූ අර්බුදයක්‌ නිසා ප්‍රංශයේ පැරිස්‌ නුවර උමං දුම්රිය ස්‌ථානයක්‌ අසලදී කඩු කිනිසි හා යකඩ පොලු රැගත් කොටි කණ්‌ඩායම් දෙකක්‌ අතර යුද්ධයක්‌ ඇතිවීමෙන් කොටි ක්‍රියාකාරිකයකු වූ ජෙයකුමාර් ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා ඇත.

ලිට්‌ල් ජැප්නා නමින් හඳුන්වන ප්‍රංශයේ කොටි වෙළෙඳසල් සංකීර්ණයේ නෝසි උමං දුම්රියපළ අසල මෙම ගැටුම ඇති වී තිබේ.

ප්‍රංශ පොලිසිය මේ සම්බන්ධයෙන් කොටි ක්‍රියාකාරීන් පස්‌දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කොටි සමරුව සඳහා ලිට්‌ල් ජැප්නා කඩවලින් කප්පම් මුදල් එකතු කිරීමේ සිද්ධියක්‌ ඊට මුල් වී තිබේ.

“මාරාවේශ වූ කොටි පිරිසක්‌ තවත් ද්‍රවිඩ පිරිසකට කඩුවලින් පහර දෙද්දී උමං දුම්රියපළ වෙත පැමිණෙමින් සිටි ප්‍රංශ ජනතාව බියට පත්ව පැනයන අයුරු අපි දුටුවා” යෑයි ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ ඊයේ (24 දා) ‘දිවයින’ට පැවසූහ.

කීර්ති වර්ණකුලසූරිය

(දිවයින පුවත්පත ඇසුරෙණි)

YOU MAY ALSO LIKE

 
×
 
 
 
 
×