Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

අනුන්ගේ වාහන දිගු කලක් පාවිච්චි කරන අයට රජයෙන් වාසියක්!

2318Views

මෝටර් රථවාහනවල ලියාපදිංචි අයිතිකරු මාරු වී බොහෝ කාලයක් ගත වී ඇතත් එම වාහනව පැවරීමකින් තොරව මුල් අයිතිකරු නමින්ම භාවිතා කිරීම හා විවෘත පැවරීම් ලේඛන මත විවිධ පුද්ගලයන් අතර වාහන හුවමාරු වීම නිසා රජයට අයවිය විශාල ආදායමක් අහිමි වේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටද ඒ හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බව රජය නිවේදනය කර සිටිනවා.

මේ තත්ත්වය අවම කිරීමේ අරමුණින් 2011 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (ගාස්තු) නියෝග මඟින් ප්‍රමාද ගාස්තු ක්‍රමයක් හඳුන්වා දුන් මුත් එමඟින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එනිසා සන්තකය මාරු වී ඇති නමුත් නියමිත කාලය තුළ පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කර නොමැති වාහන, පැවරීම ලියාපදිංචි කිරීම පිණිස මාස තුනක සහන කාලයක් සහ එහිදී ගෙවිය යුතු අතිරේක ගාස්තුව සම්බන්ධයෙන් සහනයක් ලබා දීම මඟින් එවැනි වාහන පැවරීම් ලියාපදිංචි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.