Wednesday, February 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හෂීම් අම්ලා දවා ගනිමින් නුවන් ප්‍රදීප් ටෙස්ට් වාර්තා පොතට එක්කල වාර්තාව

587Views

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිතිකරුවෙකු දැවී ගිය දස දහස් වන අවස්ථාව අද වාර්තා වුණා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වූ අද දිනයේදීයි.

එලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ දස දහස් වෙනි අවස්ථාවට මුහුණදුන් පිතිකරුවා වූයේ හෂීම් අම්ලායි.

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුණා.