Wednesday, February 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජයලලිතාගේ ‘පුටුව’ පුංචි අම්මාට දීලා

601Views

තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ඒ. අයි. ඒ. ඞී. එම්. කේ. පක්ෂයේ මහ ලේකම් ධුරයට ශෂිකලා නඩරාජන් පත්කර තිබෙනවා.

ඇය ජයලලිතාගේ සමීපතම හිතවතිය ලෙසටයි සැලකෙන්නේ.

පක්ෂය ගත් ඒකමතීක තීරණයකට අනුව ශෂිකලා, මහ ලේකම් ධුරයට තෝරාපත් කර ගැණුනා.

තමිල්නාඩු වැසියන් ජයලලිතා ජයරාම් හඳුන්වන්නේ අම්මා ලෙසයි.

ශෂිකලා නඩරාජන් ඔවුන් විසින් හඳුන්වනු ලබන්නේ පුංචි අම්මා ලෙසයි.

ජයලලිතා ජයරාම් තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ධුරය හොබවන සමයේ ඇගේ බලය තිරය පිටුපස සිට භාවිත කළේ ද පනස් හතර හැවිරිදි ශෂිකලා නඩරාජන් බවටයි ඉකුත් සමයේ වාර්තා පල වුණේ.