Tuesday, October 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මාතෘත්වයේ පාඩම ලොවට කියා දෙමින් පිළිකාවක් නිසා සමුගත් ‘කතානායක දියණිය ඉන්දිරා වෙනුවෙන්’ රටට තවත් අමිල පාඩමක්

545Views

කතානායක කරු ජයසූරියගේ ආදරණිය දියණියක වන ඉන්දිරා ජයසූරිය පසුගියදා ජීවිතයෙන් සමුගත්තේ බොහෝ දෙනෙකුගේ දෑසට කඳුළු එක්කරමින්.

පිළිකා රෝගය නිසා ජීවිතය හැර ගිය ඇය මාතෘත්වයේ පාඩම ලොවට කියා දෙමින් දුන් ආදර්ශය අදත් ඇයව නොහඳුනන ලෝවැසි ජනතාවගේ කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඉන්දිරා ජයසූරිය දියණියගේ සමුගැනීමෙන් පසු ඇය අනුස්මරණය කරමින් සුවහසක් වූ පිළිකා රෝගීන්ට සහනයක් සැලසීමට පිළිකා සරණ භාරය ආරම්භ කිරීම පසුගියදා මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B ස්ථානයේ දී සිදුවූණා.

ඒ, කතානායක කරු ජයසූරිය පියාණන්ගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නගේ සහභාගිත්වයෙන්.
තමාට හෝ තමාගේ සමීපතමයකුට පිළිකාවක් වැළඳී ඇති බවට ආරංචියක් ලැබුණහොත් තමාට අත්වෙන මානසික ව්‍යාකූලත්වයෙන් මිදීමටත්, ලබාගත යුතු උපදේශන සේවාවන් ලබා ගැනීමටත් දුරකථන අංක 0112363211 ඇමැතිය හැකි අතර මේ පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමතුම් සේවාව සෑම දිනකම උදේ 7 සිට රාත්‍රී 7 දක්වා නොමිලේ ක්‍රියාත්මක වනවා.

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සඳහා මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලංකාවට ගෙන්වීමටද නියමිතව ඇති අතර එම යන්ත්‍ර රැගෙන ගමින් ගම දොරින් දොර ගොස් ජනතාවට සේවයක් සැලසීම මෙම වැඩසටහනේ මීළඟ අදියරයි.

එවැනි සේවාවක් සැපයෙන මෙලෙස සැපයෙන පළමු අවස්ථාව මෙයයි.

YOU MAY ALSO LIKE