Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

උඩු ගුවනේ ගිය 191ක් මරණය කරා ගෙන ගිය ‘සප්ත කන්‍යාවෙන් දිවි ගලවා ගත්’ සරසවි දරුවන්ගේ කතාව

1505Views

සප්ත කන්‍යා කන්ද තරණය කිරීමට ගොස් අතරමංවූ සරසවි සිසුන් පස්දෙනා හමුවූ බව අද (17) උදෑසන යුද හමුදාව සඳහන් කළා.

ඊයේ සවස 2.30ට පමණ සප්ත කන්‍යා කඳු තරණයට ගිය මෙම පිරිස අතරමං වී ඇති බව පොලීසිය දැන ගෙන ඇත්තේ රාත්‍රී 7.30 ට පමණ බවයි පැවසෙන්නේ.

කැළණි විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ සිසුවෙකු මෙම පිරිසට අයත් වන අතර කැළණියේ ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක ප්‍රංශ ජාතිකයන් බවයි පැවසෙන්නේ.

රක්ෂිතය තුළට පිවිසි සිසුන් අයහපත් කාලගුණය නිසා නැවත පැමිණීමට උත්සාහ කළ ද එම අවස්ථාවේදි ඔවුන් අතරමං වී තිබෙනවා.

කාන්තාවක් සැතපී සිටින ආකාරයෙන් ශ්‍රීපාද අඩවියේ පිහිටි මේ සුන්දර සප්ත කන්‍යා කඳු ශිකරය 1974 දෙසැම්බර් 04 වැනි දින ‘මාර්ටින් එයා” නමැති ගුවන් සමාගමට අයත් ඞී.සී. 08 ගුවන් යානය ද මගීන් 184ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග විනාශයට ගෙන යනු ලැබුවා.

මේ ඛේදවාචකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, නෝටන් බි‍්‍රජ් පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු වැටිය පිළිබඳව ලොව දසත ප‍්‍රසිද්ධියට පත්වුණා.