Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අන්තර්ජාලය කැළඹු වීඩියෝවේ සිටි තරුණිය ඝාතනය කෙරේ – ලැජ්ජාවට පත් සොයුරාගේ වැඩක්(PHOTOS)

1431Views

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝ සහ ඡායාරූප එළිදැක්වූ පාකිස්තානයේ Qandeel Baloch ඝාතනය කර තිබෙනවා.

පන්ජාබ් ප්‍රදේශයේ ජීවත් වූ 26 හැවිරිදි ඇයව ඝාතනය කර ඇත්තේ සහෝදරයා විසින් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය ඇයගේ ආන්දෝලනාත්මක ඡායාරූප මෙන්ම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම නිසා ජනප්‍රියත්වයට පත්ව සිටි අතර පසුගිය දා මුස්ලිම් පූජකවරයකු සමග ගත් ඡායාරූපයක් ද ඇය විසින් පළ කර තිබුණා.

සහෝදරයා සමග ඇතිවු මත ගැටුමකින් අනතුරුව ඔහු සිය සහෝදරියගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බව දෙමාපියන් පවසා ඇති අතර විදෙස් පුවත් සේවා පවසන්නේ ආගමට පටහැනි ක්‍රියා සිදු කරන කාන්තාවන් ඝාතනය කිරීම පාකිස්ථානයේ වැඩි වශයෙන් සිදුවන බවයි.

මෙම තරුණියගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් ආගමට පටහැනි වීම නිසා එම සහෝදරයා ඇය සමග උරණව සිටි බවයි පැවසෙන්නේ.

_90415916_mediaitem90415911 _90416894_0599579b-482e-4299-92f2-c64480429324 103419501_Qandeel_Baloch_FOREIGN-large_trans++YiFkT3pqu7xJ5jNnVBLIx1ZJJNjM-QHTU63pn4ek4Pg article-doc-d93aq-2MLTQHilUk36ed1f923272cb88dd-321_634x474 article-doc-d93aq-2MLTQHilUk36ed1f923272cb8819-490_634x425 article-doc-d93aq-100DpupBV1c96ef15a76f5d014b2-538_634x504