Monday, October 23, 2017
- nethgossip.lk@gmail.com

මිළ වැඩිවීම බලපෑවේ මෙලෙසයි (පාඨකයාගේ ලිපිය)

4275Views

කසිප්පු බෙහෙවින් ලාභදායී වන බැවින් ගල් අරක්කු මිල පහල දැමිය යුතු බව  ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න ඇමතිවරයා සඳහන් කළ හැටි පසුගිය දින කිහිපයේ රුපවාහිනී බලනවිට දකින්න ලැබුණා.


ආණ්ඩුවට බදු ගෙවමින් නිපදවන අරක්කුවලට වඩා කසිප්පු ලාභ නිසා  ගැහැනු මෙන්ම  පිරිමිත් කසිප්පු බොන බව ඇමතිවරයා කියා සිටියා.

මේ තත්ත්වය අපේ ගමේත් දක්නට ලැබෙන බව කණගාටුවෙන් වුවත් කීමට සිදුවන කරුණක්.

කසිප්පු මෙන්ම  හොර සිගරැට්,බීඩි, බොන පිරිස දැන් ගම්වල වැඩිවී ඇති අතර පාසැල් දරුවන්ද හොර සිගරැට් බීමට පුරුදුවී ඇත්තේ ලාබයට ගමේ බොහෝ තැනකින් මිළට ගත හැකි නිසායි.

අරක්කු සිගරැට් වැනි නිත්‍යානුකුල දේවල මිළ වැඩි වීම නිසා  කසිප්පු මෙන්ම  හොර සිගරැට්,බීඩි ගමේ ජනප්‍රිය වී ඇති බව මගේ හැඟීමයි.

තනි සිගරට් අලෙවිය තහනම් කළහොත් මෙවැනි තත්ත්වයක් තුළ බොහෝ පිරිසක් බීඩි බීමට පටන් නොගන්නා බව කිසිවෙකුට හෝ තර්ක කළ නොහැකි බව මගේ හැඟීමයි.

නීත්‍යානුකූල සිගරට් අලෙවිය  සීමා කිරීම නිසා  නීතිවිරෝධී සිගරට් අපගේ ප්‍රදේශවලට ගෙනවිත් බෙදාහරින පිරිසද වැඩිවී තිබෙනවා.

මේ පිරිස් පාසැල් අසළ වෙළඳ සැල් නොවන තැන්වලට ද සිගරට් අලෙවියට ලබා දෙන අතර අප මෙන් වයස 21ට අඩු ළමුන්ට සිගරැට් අලෙවි කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් කටයුතු නොකරන බව සඳහන් කළ යුතුමය.මේ නිසා ඇතිව තිබෙන විනාශය රටපුරා වෙළඳසැල් හිමිකරුවන්ගෙන් අසා දැන ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන.


කුඩා අලෙවිසල්පැවලට පැමිණ ඇතැම්  දෙනා තේ බොනවිට සිගරැට්ටුවක් මිළට ගන්නා අතර තනි සිගරට් අලෙවිය තහනම් කළහොත් පිරිස් නොපැමිණෙන නිසා   අලෙවිසල්වලට   දැඩි පහරක් එල්ල වනු නිසැකයි.

එවැනි අලෙවිසල් ද අවසානයේ එම පිරිස්වලට තේ බොනවිට හොර සිගරැට් දී තමන්ගේ අදායම වැඩි කර ගැනීමට කටයුතු කළ හොත් රෝගීවන පිරිසද වැඩි වන බව මගේ හැඟීමයි.

(මේ සම්බන්ධයෙන් ඔබේ අදහස හෝ සමාජ වැදගත් කමකින් යුත් වෙනත් විෂයයක් සම්බන්ධයෙන් ඔබේ අදහස “සිංහල Unicode අකුරු“ භාවිතයෙන් ලියා මාතෘකාව “කතෘට ලියුම්“ යනුවෙන් සටහන් කොට web@nethfm.com විද්‍යුත් ලිපිනයට එවන්න.)

YOU MAY ALSO LIKE