Monday, May 29, 2017
Hotline - 0770586666

ලොව පුරා සයිබර් ප්‍රහාරය එල්ල කළේ  උතුරු කොරියානු සයිබර් ප්‍රහාරකයන්

5063Views

 

රටවල් 150 කට පසුගිය දා සයිබර් ප්‍රහාරයක්‌ එල්ල කර ඇත්තේ උතුරු කොරියානු සයිබර් ප්‍රහාරකයන් බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළ ලාසරස්‌ ගෲප් නැමැති කණ්‌ඩායම උතුරු කොරියාවට සම්බන්ධ බවයි පැවසෙන්නේ.

මෘදුකාංග නිපදවන සිටැන්මන් සහ කැස්‌පර්ස්‌කි සමාගම පවසන්නේ ලාසරස්‌ ගෲප් කණ්‌ඩායම ගැන විමර්ශනයක්‌ අරඹා ඇති බවයි. 

මෙම රැන්සම්වෙයාර් නැමැති වෛරසය පරිගණක පද්ධතිවලට එවා ඇති කණ්‌ඩායම එය ඉවත් කිරීමට කප්පම් ඉල්ලා තිබෙනවා.

බංගලදේශයේ මහ බැංකුවේ ඩොලර් මිලියන 81 ක මුදල් වංචාව සිදුකර ඇත්තේද ලාසරස්‌ ගෲප් කණ්‌ඩායම බව සැක කර තිබෙනවා.

2014 දී මෙම කණ්‌ඩායම සුප්‍රකට සෝනි පික්‌චර්ස්‌ සමාගමේ පරිගණක පද්ධතිය අක්‍රීය කර තිබූ අතර  මෙම ලාසරස්‌ ගෲප් කණ්‌ඩායම ක්‍රියාත්මක වන්නේ උතුරු කොරියාවේ පියොන්සාන් නගරයේ බවද වාර්තා වනවා.