Monday, June 26, 2017
Hotline - 0770586666

කොට්ටාවේදී දුම්රියට ගෙල තබා මිය ගිය සිසුවියගේ මරණය ගැන තවත් සැකයක් මතුවෙයි!

48207Views

 

කොට්ටාව දුම්රියපළ ආසන්නයේ දී පසුගිය බදාද (14) වන දා රාත්‍රී 8.00ට පමණ  දුම්රියට ගෙල තබා දිවි නසා ගත් බව පැවසෙන කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුවියක වන සවින්දී පබසරාගේ මරණය සැක කටයුතු බව ඇයගේ පියා මීට පෙර පවසා තිබුණා. ඒ පමණක් නොව මේ සම්බන්ධයෙන් දිනෙන් දින සැක මතුවෙමින් ඇතිබවයි වාර්තා වන්නේ.

පියා මෙම මරණය සැක කටයුතු බව පැවසුවද, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ශාලිකා කරුණාරත්නපවසා ඇත්තෙ, සිරුර පරික්ෂා කිරීමේ දී වසක් ශරීර ගත වීම හෝ ගෙල මිරිකීමෙන් උගුරු දණ්ඩ කැඩී යාමේ ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බැවින් සිරුරු කොටස් රස පරීක්ෂකට යොමු කරන බවය.

සිද්ධිය වූ අවස්ථාවේ එතනට එක්රැස් වූ පිරිස අතර සිටි කොට්ටාව මෙත්තාරාම පාරේ පදිංචිකරුවකු පියාගේ සැකය තහවුරු කරන කතාවක් පවසා තිබෙනවා.

“දුම්රිය රියදුරා කිව්වා, රේල් පීල්ල මත හිස තියාගෙන ඉන්න කාන්තාවක් දැකලා දෙපාරක්ම දුම්රිය නලාව ශබ්ද කළා කියලා. පීල්ලට ගෙල තබාගෙන ඉන්න කෙනෙක් නලා ශබ්දේ ඇහුනාම බයට ඇඟ හොල්ලනවලු. ඒ වුනාට මෙයා එහෙම හෙල්ලුවේ නෑලු. හෝමාගම රෝහලට රියදුරු සිරුර ගෙනියන්න සූදානම් වෙද්දි මම දැක්ක බෙල්ල තැබූ තැන ගල් කැට අතර ලේ වැගිරී තිබෙනව. ඒ වගේම ඇගේ ඇස්වල කඳුළුත් මම දැක්කා. සාමාන්‍යයෙන් කෙනෙකු දුම්රියට බෙල්ල තිබ්බාම එහෙම ලේ එහෙම වැගිරෙන්නේ නෑලු.”

සවින්දිගේ පියා වන කපිල ජයසේකර පවසන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වද්දී තම දියණියගේ එක කනක කරාබුවක් නැති බවද අධිකරණ වෛද්‍ය නිලධාරිනියට දැන්වූ බවය. ඔහු පවසන්නෙ තම දියණියගේ මරණයට වගකිවයුතු අපරාධකරු සැඟවී සිටිනා බවට තමා සක කරන බවය.”