Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

චන්න තනිකර ගයාත්‍රී ඩයස් රට යයි. හේතුව මෙන්න

31860Views

රංගන ශිල්පි චන්න පෙරේරාගෙ බිරිද සහ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණියක් වන ගයාත්‍රි ඩයස් තමන්ගේ දියණියන් දෙදෙනා සමග කැනඩාවේ පදිංචියට යනවා යැයි කියන පුවත මේ වනවිට බොහෝ අයගේ කතා බහට ලක්වෙලා. 
ගයාත්‍රි සහ දියණියන් දෙදෙනා සමග චන්න පෙරේරා එකතු නොවන්නේ ඇයි ? පවුල් විරසකයක්වත් හින්දද ?

මේ පිළිබදව සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් චන්න පෙරේරා අදහස් දක්වා තිබුනෙ මෙලෙසයි.
  

චන්න ඇත්තද ගයාත්‍රි දරු දෙන්නත් එක්ක ලංකාව හැර යන්නට සැරසෙනවා කියන්නේ?
ඔව්. 

ඇයි ඒ?
ලොකු දුව දැන් උසස් පෙළ කරලා ඉවරයි. එයා වැඩිදුර අධ්‍යාපනය කරන්න යන්නේ පරිගණක තාක්ෂණය. ඒ කටයුතුවලට තමයි එයා යන්නේ. 

ඉතින් ඒ ගමනට ඇයට තනියම යන්න පුළුවන් නේ? 
මුලදී එහෙම තමයි හිතාගෙන හිටියේ. ඒත් දුවව තනියම යවන්න  මමයි ගයාත්‍රියි දෙන්නම කැමති නැහැ. ඒ හින්දා තමයි ගයාත්‍රිත් දුවත් එක්ක යන්න හිතුවේ. 

එතකොට ‍පොඩි දුව? 
එයා තවම 6 වසරේ ඉගෙන ගන්නේ. ඉතින් අපි හිතුවා ‍පොඩි දුවවත් කැනඩාවට අරගෙන ගිහින් වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන එක හොඳයි කියලා. 

ඇයි ලංකාවේ අධ්‍යපාන රටාව ගැන පැහැදීමක් චන්නටයි ගයාත්‍රිටයි නැද්ද? 
ඒක ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක්. ඕකට ඇත්තම ඇත්ත උත්තරේ තමයි දෙන්න වෙන්නේ. 

මොකක්ද ඒ උත්තරේ? 
අපේ රටේ පවතින දේශපාලන පෙරළි, සමාජ පෙරළි දැක්කම ළමයෙකුගේ අනාගතේ ගැනත් හරිම අස්ථාවර බවක් තමයි හැඟෙන්නේ. ඒ කොහොම වුණත් දෙමාපියන්ට තියෙන ලොකුම සම්පත දරුවෝ. දෙමාපියෝ හැමෝම කැමති දරුවන්ගේ අනාගතය යහපත් එකක් වෙනවා දකින්න. දරුවෝ දෙන්නම පිටරටකට යවලා අධ්‍යාපනය ලබාදීලා අනාගතය ස්ථාවර කරන එක තමයි අපි දෙන්නටම ඕන කරන්නේ.

ඒ කියන්නේ ගයාත්‍රියි දරුවො දෙන්නයි ලංකාවට එන්නෙ නැතුව කැනඩාවෙ පදිංචි වෙයිද? 
ඒක හරියටම කියන්න බැහැ. 

බිරිඳයි දරුවො දෙන්නයි මුහුදෙන් එතෙර යද්දී චන්න ඇයි තනිවෙන්නේ? 
මම දශක දෙකකට ආසන්න කාලයක් හිටියේ කලා ක්‍ෂේත්‍රය තුළ. රඟපෑම, අධ්‍යක්ෂණය තමයි මම කළේ. ජීවිතේ හැමදේම මට ලැබුණේ කලාව නිසා. කොටින්ම කියනවා නම් ගයාත්‍රිව හමුවුණොත් කලා ක්‍ෂේත්‍රයේදී. මට කලා ක්‍ෂේත්‍රය දාලා යන්න බැහැ. එහෙම ගියත් මට කැනඩාවට ගිහින් අලුතින්ම මොනා හරි කරන්න වෙනවා. ඒ රටේ කලාවට සම්බන්ධ වුණත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා. ඒක හිතන තරම් ‍ලේසි නැහැ. ඒ හින්දා මම ලංකාවේ නවතිනවා. 

ගයාත්‍රි කැනඩාවට ගිහින් මොන වගේ ක්‍ෂේත්‍රයක නිරත වේවිද? 
රූපලාවන්‍ය හරි එයාට සුදුසු මොකක් හරි ක්‍ෂේත්‍රයකට හරි යොමුවෙයි.

චන්නව දාලා යන්න ගයාත්‍රියි දරුවො දෙන්නයි කැමතිද? 
නැහැ. ලොකු දුව නම් දැනුත් කියන්නේ මටත් යමු කියලා. ඒත් මට ඒක කරන්න බැහැ. 

දරු පවුලෙන් දුරස් වෙලා ඉන්න පුළුවන්ද?
අද තාක්ෂණය දියුණුයි. අපිට නිතරම ස්කයිප් එකෙන් කතා බහ කරන්න පුළුවනි. අනික මට අවුරුද්දකට සැරයක්වත් ගිහින් ඒ අයව බලලා එන්න පුළුවන්නේ. 

එතකොට හැමදාම ඔය දෙගොල්ලෝ දෙතැනක? 
නැහැ. මටත් කලාවෙන් දුරස් වෙන්න දවසක් එයි. 
ප්‍රේක්ෂකයින්ට මාව එපාවෙන දවසක් එයි. එදාට කලාවෙන් විශ්‍රාම අරගෙන මමත් කැනඩාවට යනවා

YOU MAY ALSO LIKE