Wednesday, September 20, 2017
Hotline - 0770586666

තමන්ගෙ නිවසක ජීවත් වෙද්දි හිතට දැනෙන සැනුසුම නැතිකරන ජල කාන්දුවට තිත තබන්න මේ ලිපිය කියවන්න

10797Views

නිවසක් කියන්නෙ මේ ලෝකෙ ජීවත්වන කාගෙත් බලාපොරොත්තුවක්. තමන්ගෙම නිවහනක ජීවත් වෙද්දි හිතට දැනෙන්නෙ පුදුමාකාර සැනසීමක්. හැබැයි ඒ නිවහනේ ජීවත් වෙද්දි නිතර නිතරම නිවසේ අලුත්වැඩියාවන් කරන්නට සිදු වුණොත්, තමන්ගෙ නිවහනක නිවහනක ජීවත් වීමේදි ලැබෙන සැනසීම නැතිව යනව. හැබැයි ඒ සැනසීම දිගටම තියාගන්න ඔබට බැරිකමක් නැහැ. මන්ද යත් නිවස නිතර නිතර අලුත්වැඩියා කිරීමට ප්‍රධානම හේතුවක් වන්නේ ජල කාන්දුවීම හේතුවෙන් නිරන්තරයෙන් නිවසේ ඇතිවන පලුදුවීම්ය.

 

ඒ කරදරයෙන් මිදී තම නිවස සැනසීම පිරි නිවහනක් බවට පත්කර ගැනීමට හොදම විසදුම වෝටර් පෲෆින් කර ජල කාන්දුව වළකාලීමට නිවස ඉදිකරද්දීම පිළියම් යෙදීමය.

 

නිවසක වෝටර්පෲෆ් කළ යුත්තේ නාන කාමරයපමණකැයි යන්න බොහෝ දෙනකු තුළ ඇති වැරදි මතයකි. එබැවින් වෝටර් පෲෆින් සීලර් සම්බන්ධයෙන් ඔබ දැනුවත් වියයුතුම කාරනා කිහිපයකි මේ.

 

අද  නිවසක් ඉදිකිරීමට බොහෝ දෙනකුට සිදුව ඇත්තේ කුඩා බිම් කඩක් තුළය. මහල් කිහිපයකට,  නව සැළසුම් අනුව අලංකාරව ඉදි කෙරෙන එවැනි නිවෙස් වල පිටත බිත්ති තෙමීමට ඇති අවස්ථාව ඉහළය. පිටත බිත්ති සදහා බොහෝ දෙනකු භාවිත කිරීමට හුරුව සිටින්නේ වෙදර් ෂීල්ඩ් ආලේප කිරීමටය. නමුත් එය ප්‍ර‍මාණවත් නොවන බව ඔබ අත් දැකීමෙන්ම මේ වනවිට දන්නවා ඇත. එයට හොදම විසදුම වන්නේ වෙදර් ෂීල්ඩ් ආලේපනය මතින් වෝටර් පෲෆින් සීලර් ආලේප කිරීමය.

 

ඒ පමණක් නොවේ නව නිවාස වල ඇතැම් ස්ථානයන්හි වහලය වෙනුවල ඇත්තේ කොන්ක්‍රිට් ආවරණයකි. එවැනි කොන්ක්‍රිට් ආවරණ වෝටර් පෲෆ් කිරීම ඉතාමත් වැදගත්ය. එසේ නොවන්නේ නම් කාලයක් ගතවෙද්දී එම කොන්ක්‍රිට් තට්ටුවේ කම්බි මල බැදීම කොන්ක්‍රිට් තට්ටුව බොල් වීම සිදුවනු නිසැකය. මෙහිලා මතකයේ තබාගතයුතු වැදගත්ම කරුණක් වන්නේ නිවසේ ඇති කොන්ක්‍රිට් එකෙහි පළුදු ඇත්නම් එය නිවසේ බිත්තිවලටද බලපා හැකි බවය. එවැනි පළුදු වෝටර් පෲෆින් සීලර් මගින් වසා දැමුවේ නැත්නම් ඉන් නිවසටම අත්වන්නේ කනගාටු දායක ඉරණමක් බව සිහියේ තබාගත යුතුය.

 

දිගු වැසි සමයකදි පොළොවේ දිය සීරාව දිගන් දිගටම පැවතීම නිසා ඔබ නිවසේ බිම තෙත් වීම වළකාලීම සම්බන්ධයෙන් ඔබ එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. ඒ බව එවන් සමයකදී නිවසේ බිම තෙත්ව පැවතීම, පුස් බැදීම මගින් වඩාත් පැහැදිළි කරගත හැකිය. නමුත් ඔබ නිවසේ අත්තවාරම ඉදිකරද්දීම වෝටර් පෲෆින් සීලර් විශේෂයක් භාවිත කළේනම් ඒ හේතුවෙන් නිවසට සිදුවන හානි වළකාගැනීමට අවස්ථාව උදා වේ.

 

මතක තබාගතයුතු තවත් වැදගත් කරුණක් තමයි නාන කාමරය වෝටර් පෲෆ් කිරීම. උඩු මහලක නානකාමරයක් නම් විශ්ෂයෙන්ම ටයිල් කිරීමට පෙර වෝටර් පෲෆින් සීලර් යොදන්න අමතක කරන්න එපා. එය නිවසේ අලංකාරය පවත්වාගෙන යාමට බොහෝම වැදගත් වනව. නැතිනම් පහළ මාලයේ සිටින අයට ස්ලැබ් එකේ වළාකුළු දකින්නට ලැබෙන්න පුළුවන්.

 

අනෙක් කරුණ තමයි වහලට යොදන තහඩු. මේ කිසියම් හෝ තහඩුවක් යම් පළුදු වීමකට ලක්ව තිබෙනවනම් වැසි දවසට නිවසට වෙන කරදරය අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ විතරක්ද ඒ වහලට යටින් ලස්සන සිවිලිමක් තිබුණොත් එයත් ජල කාන්දුව නිසා එය අවලස්සන වෙනව විතරක් නොවෙයි ඒ සදහා කළ වියදමත් ගගට කපපු ඉණි වගේ වෙන්න පුළුවන්.

ඒ නිසා නිවසක් ඉදිකරන්න යන ඔබ අනර්ඝ තත්ත්වයේ වෝටර් පෲෆින් සීලර් එකක් භාවිත කිරීමටවිශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න.


 

  • Multilac 3 in 1 Waterproofing Paintමෙය ගෙදර බිත්ති ජලයෙන් සහ තෙතමනයෙන් ආරක්ෂා කරගැනීමට ආලේප කරන තීන්ත වර්ගයකි
  • Multilac Membraneබිත්ති සහ කොන්ක්‍රීට් ස්ලැබ් වලට ජලය උරාගැනීම සහ ජල කාන්දු වැළැක්වීමට ආලේප කරන්නකි.
  • Multilac 2K Puttyවහලයේ සිට අත්තිවාරම දක්වා ඕනෑම පැල්මකින් ඇතිවන වතුර කාන්දු වැළැක්වීමට ආලේප කරන පොටි වර්ගයකි.
  • Multilac Sealerකොන්ක්‍රීට්, සිමෙන්ති, ඇස්බැස්ටෝස් ආදී ඕනෑම මතුපිටක තෙතමනය උරාගැනීම වැළැක්වීමට ආලේප කරන සීලරයකි
  • Multilac 2K Sealerඅත්තිවාරමෙන් පිටතට එන දිය සීරාව වැළැක්වීමට ඇතුළතින් සහ පිටතින් ආලේප කල හැකි සීලරයකි

YOU MAY ALSO LIKE