Saturday, July 22, 2017
Hotline - 0770586666

දරු පෙමින් පපුව උතුරන ආදරණීය පියවරුන්ට ඔබට කළ හැකි ලොකුම උපහාරය !. ආදරණීය පියවරුන් වෙනුවෙන් අපි සැවොම වෙනස් වෙමු !.

6365Views

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. හරි ලේසී ප්‍රශ්නයක්. ඒත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබට ටිකක් කල්පනා කරන්න වෙන බව නම් මම දන්නවා මගේ ප්‍රශ්නය ඔබ අවසන් වරට ඔබේ පියාට "තාත්තේ මම තාත්තට ආදරෙයි" කියලා කිව්වේ කවදාද ?. ඔබට මතකද ?

මම දන්නවා ඔබ ඔබේ පියාට ආදරෙයි. නමුත් අවසන් වරට ඔබ එසේ පැවසුවේ ඔබ කුඩා කල වන්නට ඇති. සමහරවිට ඔබගේ පියා ඔබට තෑග්ගක් දීපු දවසක , ඔබ ඉල්ලපු මොනවාහරි දෙයක් දීපු දවසක වෙන්න ඇති.

මන් ඔබෙන් තවත් ප්‍රශ්නයක් අහන්නම්. සරළ පිළිතුරක් දිය හැකි ප්‍රශ්නයක්. ඔබ මවක් හෝ පි‍යෙක් ද ? ඔබගේ කුසින්, ඔබගේ ලෙයින් මෙළොව එළිය දුටු දරුවෙක් හෝ දරුවන් ඔබටත් ඉන්නවාද?

ඔබගේ පිලිතුර ඔව් නම් ඔබගේම කුසින් , ඔබගේම ලෙයින් ඔබගේම බිළිදෙක් මෙලොව එළිය දුටු ඒ දිනය ඔබගේ ජීවීතයේ වටිනාම දිනය වන්නට ඇති. ඔබගේ සිගිත්තාගේ බිළිදු මුහුණ මුලින්ම දුටු මොහොතේ ඔබට දැනුනු ඒ ආදරය , ඔබ ඔබටම පවරාගත් වගකීම ඔබට තවමත් මතක ඇති. එතැන් පටන් ඔබගේ මුලු ලෝකයම ඔබගේ දරුවා වන්නට ඇති. ඔබගේ දරුවාට හොදම දේවල් ලබා දීමට , ආරක්ෂිතව දරුවා ඇති දැඩි කර ගැනීමට ඔබ ලබා නොගත් උත්සාහයක් නැතිව ඇති. දරුවා අසනීප උනු දිනක ඔබ කලබල උනු හැටි , ඔබ නොනිදා දරුවා ලග හිදිමින් රැය පහන් කළ රාත්‍රීන් ගණන ඔබට මතක ඇති.

දින සති මාස ගෙවි ඔබගේ දරුවා මුලින්ම කතා කරපු දවස ඔබට මතකද ? ඒ දිනයත් ඔබ අසීමිතව සතුටු වූ දිනයක්.. ඔබගේ බිළිදාගෙ මුවින් මුලින්ම "අම්මා" "තාත්තා" යැයි ඇසුනු විට ඔබට අසීමිත සතුටක් දැනෙන්න ඇති.. ඔබගේ දරුවා වචන ගලපා ඔබට මුලින්ම " මම ඔයාට ආදරෙයි තාත්තේ" යැයි කියු දින මතකද ? ඒ මොහොතේ ඔබට දැනුනු හැගීම විස්තර කරන්න භාෂාවේ වචන ප්‍රමාණවත් නොවෙනවා වන්නට ඇති. ඔබගේ දරුවා තවමත් ඔබට "මම ඔයාට ආදරෙයි තාත්තේ" කියන විට ඔබට ඒ වචන කිහිපය මුලින්ම ඇසූ දිනයේ සේම හැගෙනවා ඇති.

දරු සෙනෙහස ගැන මා ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට හෝ නිර්වචන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. ඔබ ඒ හැගීම අත්දැක තිබෙනවා. ඔබ එය අත්දැක තිබෙනවා. දරු සෙනෙහසට පරිමාවක් හෝ සීමාවක් නැහැ. තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තරම් දරු සෙනෙහස ප්‍රබලයි. තමන්ගේ ජිවීතයටත් වඩා දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ආදරය කරනවා. දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරනවා. ඒ තමයි අපරමිත දරු සෙනෙහස.

 

ඉතින් මා නැවතත් ඔබගෙන් මුලින්ම ඇසු ප්‍රශ්නය අහන්නම්. ඔබ අවසන් වරට ඔබේ පියාට "තාත්තේ මම තාත්තට ආදරෙයි" කියලා කිව්වේ කවදාද ?. කාළයත් සමග ඔබ හැදි වැඩෙන්නට ඇති. වගකිම් භාර ගෙන මිනිසෙක් හෝ ගැහැණියක් වන්නට ඇති. නමුත් ඔබගේ පියාට ඔබ තවමත් පෙර සිටි දරුවාමයි. ඔහු තවමත් ඉස්සර වගේම ඔබට ආදරෙයි . ඔහු තවමත් ඔබ ගැන සොයා බලනවා. ඔබ තවමත් ඔබේ පියාගේ එදා සිටි දුව හෝ පුතාමයි .

ඔබගේ දරුවා මුලින්ම ඔබට ආදරෙ යැයි කියූ දිනයේ ඔබට දැනුනු හැගීම, ඔබගේ පියාට ඔබ ආදරේ යැයි කියූ දිනයේ එලෙසම දැනෙන්නට ඇති. නිහඩව ඔබ දෙස බලා සිටින ඔබ කෙරෙහි අසීමිත සෙනෙහසකින් යුතු ඒ ආදරණීය පියා මුවින් නොකීවත් තවමත් ඔබගෙන් ඒ හැගීම බලාපොරොත්තු වනවා ඇති.

මේ පියවරුන්ගේ දිනයේ අප සැම වෙනස් වෙමු . සිය දහදිය දියකර අපගේ ජීවිත ගොඩ නැගූ ආදරණීය පියවරුන්ගේ හදවත් අපගේ වචන කිහිපයකින් සුවපත් කරමු !.

මේ පියවරුන්ගේ දිනයේ එම සංවේදී පණිවිඩය මතක් කරදෙමින් Softlogic Life විසින් එලි දැක්වූ සංවේදී වීඩියෝව ලංකාවේ සියලු වාර්තා බිඳ හෙලමින් පැය 26ක් තුල මිලියනයකට අධික පිරිසක් විසින් නරඹා තිබුනා.

එම වීඩියෝව බලන්න පහතින්.