Wednesday, September 20, 2017
Hotline - 0770586666

ප්‍රින්ස්ගේ රෝහල් බිලට නවලෝකත් සල්ලි දීලා - ජැට්..රන්ජන්..එරන්ද එකතුව බිලට කරපු වැඩේ (PHOTOS)

182244Views

“ආදරණීය ප්‍රින්ස්”  විශේෂ ගී ප්‍රසංගය ඊයේ   (14 ) මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුණා.

ගායන ශිල්පී  ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ  රෝහලට ගෙවිය යුතු මුදල සොයා ගැනීමේ අරමුණින් පැවැත්වූ එම ප්‍රසංගය සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

ඒ අතර රන්ජන් රාමනායක වැනි දේශපාලන නායකයන්ද කලාකරුවන් ද රැසක් දක්නට ලැබුණා.


එහිදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ද ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ  තම පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙකක් රෝහලට ගෙවිය යුතු මුදල සොයා ගැනීමේ අරමුදලට ලබාදෙනු ලැබුවා.

ජැට් ටෙක්නොලොජි ආයතනය වෙනුවෙන් එහි සාමාන්‍යධිකාරී හසන්ජිත් කුරුප්පුආරච්චි රුපියල් ලක්ෂ 10ක් එම අරමුදලට පිරිනැමුවා.

ප්‍රින්ස්ගේ රෝහල් බිලෙන් ලක්ෂ 10ක් නවලෝක සභාපති ජයන්ත ධර්මදාසගේ පුද්ගලික මුදලින් ගෙවීමද විශේෂත්වයක්.

ප්‍රින්ස්ගේ රෝහල් බිල්පත ඉතා පහසුවෙන් ගෙවිය හැකි වන අතර ලැබුණු චෙක්පත් මුදල් වූ වහාම දින කීපයකින් රෝහලේ  මුදල ගෙවිය හැකි වන බවයි කීර්ති පැස්කුවල් ප්‍රවීණ ගායන ශිල්පියා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ.


 “යූත් එක්ස්ට්‍රීම්” (Youth Xtreem) සංගීය සැපයූ එම ප්‍රසංගයේ  ඡායාරූප පහතින් දැක්වෙනවා.




























YOU MAY ALSO LIKE