Thursday, August 17, 2017
Hotline - 0770586666

මව අහිමි වූ කොටි පැටවාට කිරි පොවා රැක බලා ගන්නා සිංහ මවගේ කතාව-සත්ව ලෝකයේ අපූරු සිදුවීම් .! (PHOTOS)

5644Views

 

සිය මව අහිමි වූ කොටි පැටවකු රැක බලා ගන්නා සිංහ මවකගේ අපූරූ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වනවා.

වෙනත් සත්ව විශේෂයකට අයත් පැටවෙකුට සිංහ ධේනුවක් ලේ කිරි කර දෙන ආකාරය කැමරා කාචයක සටහන් වූයේ පළමු වරට වන අතර එම නිසා මෙම සිදුවීම ඉතාමත් දුර්ලභ සිදුවීමක් ලෙස සත්ව විද්‍යාඥයෝ හඳුන්වනවා. 
ටැන්සානියාවේ න්ගොරොන්ගොරෝ සංරක්ෂිත කලාපයේ සංචාරයක නිරත වී සිටි ඡායාරුප ශිල්පියෙකු විසින් මෙම සිදුවීම මුල්ම වරට දැක තිබෙන බවට වාර්තා වේ.

මෙම පස් හැවිරිදි සිංහ ධේනුව ජුනි 27-28 අතර ආසන්න කාලයේ සිංහ පැටවුන් තිදෙනෙකු බිහි කර තිබේ. ඉන්පසුව ඇය සිය පැටවුන් සමග මෙම කොටි පැටවාටද කිරි පොවා ආරක්ෂා කරමින් සිට තිබේ.

කොටි පැටවාගේ මව කොහේ සිටී දැයි හෝ කුමක් සිදුවීදැයි යන්න තවමත් තහවුරු වී නොමැත.

සිදුවීමට අදාළ ඡායාරූප පහතින්