Thursday, September 21, 2017
Hotline - 0770586666

අහිංසක පාසල් සිසුවිය දූෂණය කර මරා දැමු පාපතරයා බේරලා - නීතිය සාමාන්‍ය ජනතාවට විතරද ? ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ කෙරුවාව .!

14558Views

යාපනය ප්‍රදේශයේදි පැහැරගෙන ගොස් දූෂණය කොට මරා දැමු විද්‍යා ශිෂ්‍යාවගේ ඝාතකයා නිදහස් කිරීම සම්බන්ධ‍යෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එවකට උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ, එම පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌ කුමාර් නමැත්තා නිදහස් කරන ලෙසට පොලීසියට අණ කර තිබෙනවා.

පසුගිය 2015 වර්ෂයේ මැයි 13 වැනිදා විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස්‌ අතවර කර ඝාතනය කර තිබුණේ කයිට්‌ස්‌ ප්‍රදේශයේදී.
එම සිදුවීමෙන් පසු පරීක්‍ෂණ පැවැත්වූ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්‌විස්‌ කුමාර් නමැත්තා යාපනය ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම මුදාහරින ලෙස එවකට උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ විසින් පොලිසියට නියෝග කර ඇත.

ස්‌විස්‌ කුමාර් මුදාහැරීමෙන් පසු යාපනය පුරා නොසන්සුන්තාවක්‌ ඇති වූ අතර යාපනය ජනතාව පොලිසියට එරෙහිව විරෝධතාවක්‌ ද පැවැත්වූවා. පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙනත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ස්‌විස්‌ කුමාර් නැවත අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදි. 

 


ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ