Tuesday, August 22, 2017
Hotline - 0770586666

මඩ සොදාගෙන නිවසට පැමිණි ගොවි පියා කුසගින්නේ සිටි ‌දරුවන්ට කන්න දෙන්න මන්නා පිහිය උකස් කරලා - විලච්චිය ප්‍රදේශයෙන් ඇහෙන හද දවන කතා පුවත .!

4368Views

නියගය හේතුවෙන් අස්වැන්න විනාශ වූ ගොවියෙක් සිය දරුවන්ගේ කුසගින්න නිවා දැමීම උදෙසා තම නිවසේ තිබූ රුපියල් 800 ක් පමණ වටිනා මන්නා පිහියක් රුපියල් 350 කට විකිණූ සංවේදී පුවතක් විලච්චිය ප‍්‍රදේශයෙන් වාර්ථා වනවා.

පසුගිය කන්න හතරක අස්වැන්න නියගිය නිසා විනාශ වී තිබුන අතර තම දරුවන් ජීවත් කිරවීමට කිසිදු ක‍්‍රමයක් නොවීම හේතුවෙන් මෙම ගොවිමහතා මෙලෙස තමා සන්තකයේ තිබූ එකම වටිනා දෙය වූ මන්නා පිහිය විකිණා දමා ඇත.

මෙම මන්නා පිහිය තම නිවස අසල ඇති ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති අදාල පුද්ගලයා එම පුද්ගලයාගේ වෙළද සැලෙන් මීට පෙරද පසුව දෙන පොරොන්දුව පිට වෙළඳ ද‍්‍රව්‍ය මිලදී ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ව්‍යාපාරිකයාට මෙම පුද්ගලයා කෙරෙහි ඇතිවූ අනුකම්පාව මත ඔහුට අදාල මුදල ලබා දී මන්නා පිහිය රැගෙන යන ලෙස දැන්වූවද ඔහු එම පිහිය වෙළඳ සැලේ දමා ගොස් තිබෙන්නේ අදාල වෙළෙන්දා කර ක‍්‍රියාවට ප‍්‍රති උපකාර කිරීමක් වශයෙන්.

YOU MAY ALSO LIKE