Saturday, July 22, 2017
Hotline - 0770586666

ඇසළ මේලා සැණකෙළියේ ගැටුමක්-පිහි ඇනුමකින් තරුණයෙකු මිය ගිහින් .!

6812Views

 

වීරකැටිය නගරයේ දී අද(17) උදෑසන දෙපිරිසක් අතර ඇතිවූ එම ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් තරුණයකු මියගොස් තවත් තරුණයන් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි වාර්තා වනවා.

රවිඳු නිම්සර නමැති විසි දෙහැවිරිදි තරුණයකු මෙලෙස පිහි ඇනුම් කා මියගොස් ඇති අතර වීරකැටිය නගරයේ පැවති ඇසළ මේලා සැණකෙළියේ රාත්‍රී සංගීත සංදර්ශනය නරඹා ආපසු යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබේ.

ගැටුමට හේතුව තවමත් හෙළිවී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.