Saturday, July 22, 2017
Hotline - 0770586666

ජනපති රථ පෙළ දිහා බලන් හිටපු සිගිති දියණිය බලන්න හදිස්සියේම ජනපති ආ හැටි .! (PHOTOS)

15214Views

 

ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලූ හා වියළි සලාක බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයෙ (16) පෙරවරුවේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනා.

ජනාධිපතිතුමන් එම උත්සවයට යන අතරමග සිදුවූ අපුරු සිදුවීමක් වාර්තා වනවා.

එනම් අස්ගිරිය ක්‍රීඩාංගනයේ සිට ජනාධිපති මැදුරට ජනාධිපතිතුමන් යන මාර්ගයේ නිවෙසක එක කුඩා දැරියක් මාර්ගය අසලට පැමිණ ජනපතිතුමන් ගමන් ගන්නා රථය දෙස බලා සිට ඇති අතර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අවසන් වී නැවත ජනාධිපතිතුමා එන විටද  මෙම කුඩා දැරිය මාර්ගය අසලට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රථය දෙස බලා සිට ඇත.

මෙය දුටු ජනාධිපතිවරයා වහාම රථ පෙළ නවත්වන ලෙස ආරක්ෂක අංශ වලට දැනුම් දී දැරිය අසල නතර කළ සිය නිළ රථයෙන් බැස දැරිය වෙත ගොස් ඇයගේ සුවදුක් විමසා ඇති අතර දැරියගේ දෙමාපියන්ටද මෙම සිදුවීම අදහා ගත නොහැකිව ඇත.

කුඩා දැරිය සමග මාර්ගයේ අසල සිටම සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා අවට රැස්වූ පිරිස සමගද කතාබහ කොට ඉන් පසුව එම ස්ථානයෙන් නික්ම ගියේ එම කුඩා දැරියට ජිවිතේ කිසිම දිනක අමතක නොවන සිදුවීමක් ඉතුරු කරමිනි.