Thursday, August 17, 2017
Hotline - 0770586666

ඇත්තටම ජලය ඔබ හිතනතරම් පිරිසිදුද? මේ පරීක්ෂණයේ ප්‍රතිඵල දැක්කොත් ඔබ පුදුම වෙයි (VIDEO)

11492Views

 

ජලය යනු මිහිපිට ඈති ඕනෑම ජීවියෙකුට නැතුවම බැරි දෙයකි. නමුත් අතීතයේදී මෙන් නොව වර්තමානයේ ජලය පානය කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. කාර්මීකරණය හේතුවෙන් හා නූතන වාණිජ කෘෂිකාර්මික කටයුතු නිසා ජලයට නොයෙකුත් විෂ පදාර්ථයන් එකතු වී ජලය දුෂ්‍ය වී ඇත. රජරට වකුගඩු රෝගයට හේතුව එම ප්‍රදේශයේ ජලය විෂ සහිත වීම බව විද්වත් මතයයි.

පෘථිවිය තුළ වැඩියෙන්ම ඇත්තේ ද ජලයයි. නමුත් පවතින ජලයෙන් බිමට හා පරිභෝජනයට සුදුසු ජලය ඇත්තේ 0.01 ක ප්‍රමාණයක් බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. 

මෙම 0.01 ප්‍රමාණයද එන්න එන්නම ක්ෂය වෙමින් පවතින්නේ අධික කාර්මික කරණය, වාණිජ කෘෂි වගාව, වනාන්තර හෙළි පෙහෙළි කිරීම ආදී හේතුවෙනි. ගෘහස්ථව භාවිත කරන ජලය අපට නිරන්තරයෙන් ලැබෙන්නේ නළ මගිනි. බොහෝ විට ගංගා හා වැව් ආශ්‍රිතව ලබා ගන්නා එම ජලය අපට ලබා දෙන්නේ විෂබිජ හරණය කොටය. අප බොහෝ විට දැක ඇත්තේ එම ජලයේද නොයෙක් අපද්‍රව්‍ය තැන්පත්ව ඇති බවයි. එම ජල තලවල දිගුකාලීනව තැන්පත්ව ඇති බොහෝ අපද්‍රව්‍ය ජලය සමග මුසුවීමට ඇති ඉඩකඩ වැඩිය. ඊට අමතරව අප ලබාගන්නා වැව් ජලය, ළිං ජලය, නල ළිං ජලය ගංගා ජලය බොහෝ විට අප භාවිත කරනුයේ මෙසේ විෂ බිජ හරණය කිරීමකින් තොරවය. බොහෝ විට ඒවායේ විෂ රසායනිකයන් තැන්පත්ව තිබෙන්නට පුළුවන. මේ හේතුව නිසාම නිරන්තරයෙන් එම ජලය පානය කිරීමට පෙර දෙවරක් සිතිය යුතුය. නමුත් බොහෝ නිවෙස්වල කුඩා ජල පෙරණයන් තුබුණද ඒවායින් ජලය පෙරා ගැනීම කොතෙක් දුරට සාර්ථකද යන්න සොයා බැලිය යුතුය. බැලු බැල්මට ජලයේ පැහැයෙන් ජලය පිරිසිදු යැයි සිතුවත් එම ජලයේ බොහෝ විෂබීජ අඩංගුව තිබිය හැක. 

මේ පිලිබඳ ගම්පහ, ගාල්ල, කොළඹ යන ප්‍රදේශ වල Unilever සමාගම විසින් පර්යේෂණයක් පවත්වා ඇති අතර ජලයේ පැහැයෙන් එම ජලයේ ඇති පිරිසිදුතාවය පිලිබඳ අප එළඹෙන නිගමනය කෙතරම් වැරදිදැයි යන්න පහතින් දැක්වෙන වීඩියෝව නැරඹීමෙන් දැනගත හැක.