Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

ජීවයේ උල්පත වූ ජලය ඔබ තාමත් බොන්නෙත් අපද්‍රව්‍ය එක්කද? නරඹන්න විඩීයෝව .! (VIDEO)

8499Views

ජලය යනු ජීවයේ උල්පතයි. ජීවය පැවතීමට ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජලය නොමැති තැන ජීවයද නැත. ජලය යනු ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින් ම සපිරි රසායනික ද්‍රව්‍යයක් වන අතර ජීවයේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ද්‍රාවණයකර අවශෝෂණය කරගැනීමටත් , ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහනයටත් ,අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහාත් ජලය මෙන් සුදුසු වෙනත් මාධ්‍යයක් තාක්ෂණයේ පොහොසත් ලෝකයේ විද්‍යාඥයින්ට තවම හමුවී නොමැත.

ජීවයේ පැවැත්ම තීරණය කරන ජලය ලංකාවේ අප බොහෝ දෙනෙක් තවමත් පරිභෝජනය කරන්නේ අපද්‍රව්‍ය සමගිනි. ජලය බැලූ බැල්මට පිරිසිදුව තිබුනත් අපගේ පියවි ඇසට නොපෙනෙන බොහෝ විෂ ද්‍රව්‍ය ජලය තල මිශ්‍ර වී තිබේ. කාලයක් පුරාවට මෙසේ පිරිසිදු කොට නොගත් ජලය පානයට ගැනීම සෞඛ්‍ය ගැටළු රැසකට මුල විය හැක. 

නිරෝගී දිවි පෙවතක් උදෙසා නිතරම පිරිසිදු කරගත් ජලයම පානය කරගැනීමට පුරුදු වන්න. ලංකාවේ ප්‍රදේශ කිහිපයක ජලයේ ඇති පිරිසිදුතාවය පිලිබඳ කරනලද පරීක්ෂණයක් සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වේ. එම වීඩියෝව නැරඹීමෙන් පසු ඔබ පිරිසිදු යැයි සිතා බොන වතුර වල ඇති අවධානම පිලිබඳ ඔබට හොඳින් වටහාගත හැකිවනු ඇත. 

 

 

YOU MAY ALSO LIKE