Thursday, August 17, 2017
Hotline - 0770586666

විජයදාසගේ පනත් ලක්ෂමන් කිරිඇල්ල ඉවත් කරයි - එජාප අභ්‍යන්තරය ගිණියම් .!

2352Views

 

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ  විසින් අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත් සහ ගැසට්‌ නියෝගයක්‌ සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල  විසින් ඊයේ (11 දා) පාර්ලීමේන්තුවේදී න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්‌කර ගත්තා.

මෙසේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගන්න ලද්දේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගයකි.

ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් න්‍යාය පත්‍රයෙන් මෙම අයිතමයන් දෙක ඉවත් කර ගන්නා අවස්‌ථාවේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ  සභා ගැබේ නොසිටීමද විශේෂත්වයකි.

මහ බැංකු බැදුම්කර මූල්‍ය ගණුදෙනුව සම්බන්දයෙන් විමර්ෂණ හසුරවන්නේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ බව කියමින් එජාප මන්ත්‍රී කණ්ඩායමෙන්ම අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විස්වාසභංගයක් ගෙන ඒමේ සුදානමක්ද වාර්තා වනවා. ඒ අතරතුරදීම විජයදාස අමාත්‍යවරයාගේ පනත් කෙටුම්පත් රජය විසින්ම ඉල්ලා අස් කර ගැනීම එජාපය තුල මේ වනවිට හට ගෙන ඇති ආන්දෝළණාත්මක තත්වය මැනවින් ප්‍රදර්ශනය කරන බව දේශපාලන විචාරකයන් පවසනවා.