Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

"බැඳුම්කර ගනුදෙනුවට මහින්දත් වැරදියි - කොමිසමට ගෙනල්ලා දඬුවම් කරන්න" නලීන් බණ්ඩාරගේ කතාවෙන් පාර්ලීමේන්තුව උණුසුම් වූ හැටි .!

3519Views

ආන්දෝළනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය ලියාපදිංචි කරන සමයේ බලයේ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ එවකට මුදල් ඇමැති වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්‌ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පමණක්‌ කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න විමසීම ප්‍රමාණවත් නැති බවත් කොමිසම තවදුරටත් ශක්‌තිමත් වීම සඳහා මහින්ද රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්‍‍රාල්ද කැඳවා සාක්‌ෂි ලබා ගැනීම වඩාත් සුදුසු බව
පෞද්ගලික මන්ත්‍රී යෝජනා පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරයා එම අදහස්‌ දක්වා සිටියා.

එහිදි පාර්ලීමේන්තුව උණුසුම් ස්වභාවයක් ගත් අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරයාට විරෝධතා එල්ල වනු දැක ගත හැකි වුනා.

දේශීය ආදායම් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව එය අභියෝගයට ලක්‌ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන ලද්දේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි යන මහත්වරුන් විසිනි.

YOU MAY ALSO LIKE