Thursday, August 17, 2017
Hotline - 0770586666

‌ "උතුම් ගුරු නාමයටත් කැළැලක්" - උඩුගම නරුම ගුරුවරයෙක් හය වසරේ සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කල හැටි .!

5453Views

 

පාසල් ගුරුවර‍යෙකු විසින් තමන්ගේ සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිදුවීමට සම්බන්ද ගුරුවරයා ඇඹිලිපිටිය උඩුගම මහ විදුහලේ ගුරුවරයකු වන අතර එම පාසලේම 6 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු ඔහු අතින් මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.

සැකකාර ගුරුවරයා ඇඹිලිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතරක් බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ පාසල් ගුරුවරයාට පසුගිය සිකුරාදා සිට වැඩ තහනම් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවද වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සදහන්.