Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

සංචාරයට යැයි කියමින් ලංකාවට එන ඉන්දීය ජාතිකයො ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අහිමි කරලා - කුඹුරක ගොයම් කැපු ඉන්දීය ජාතිකයන් පිරිසක් කොටු වූ හැටි .!

4693Views

සංචාරක වීසා මත මෙරටට පැමිණ ගොයම් කපන යන්ත්‍රවල රියදුරන් ලෙස සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු සමන්තුර – නින්දවුර් ප්‍රදේශයේ දී සමන්තුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම යන චෝදනාව යටතේයි ඔවුන්ව අත්අඩංගුවට ගැනුණේ.

සැකකරුවන් 21 සහ 27 යන වයස් සීමාවල පසුවන තමිල්නාඩු පදිංචිකරුවන් බව සදහන්.

ඔවුන් සමන්තුරය මහේ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවේ සිට පැමින ශ්‍රී ලංකාවේ රැකියාවල් වල නිරත ඉන්දීය ජාතිකයන් ශ්‍රී ලංකාවට මහත් හිසරදයක්ව පවතින අතර උතුරු නැගෙනහිර මෙන්ම දකුණු පළාතේ ප්‍රදේශයන් වලදීද නීති විරෝධී ලෙස රැකියා වල නිරත වෙමින් සිටි ඉන්දීය ජාතිකයන් පිළිබදව වාර්තා වූවා

YOU MAY ALSO LIKE