Thursday, August 17, 2017
Hotline - 0770586666

'පෙම්වතාට දාහතයි- පෙම්වතියට ‌පහලොවහයි' - නිවසින් පැන ගිය පාසල් සිසුවිය දවස් දෙකක් තිස්සේ ලිංගික අපයෝජණයට ලක් කරලා .!

12619Views

 

බාල වයස්කාර පහළොස් වියැති දැරියක් ලිංගිකව අපයෝජනය කල දාහත් හැවිරිදි තරුණයකු පිළිබද පුවතක් නොච්චියාගම ප්‍රදේශ‍යෙන් වාර්තා වෙනවා. 

තම දියණිය නිවසේ නොමැති බවට දැරියගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කල පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූයේ දැරිය එම ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමග ප්‍රේම සම්බන්දයක් ඇති කරගෙන තම පෙම්වතා සමග නිවස හැර ගොස් ඇති බවයි. 

දින දෙකකට පසු දැරිය ඇයගේ නිවසට ආපසු භාර දීම සදහා ඇය රැගෙන පෙම්වතා පැමිණ තිබෙන අතර මේ පිලිබදව පොලිසියට ලැබුන තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් බාල වයස්කාර පෙම්යුවල  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර දැරිය හා තරුණයා ට දින දෙකක් නවාතැන් ලබා දුන්  විසි දෙහැවිරිදි තරුණියක් දැරිය අපයෝජනය කිරීම සදහා අනුබල දීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දැරියගේ පෙම්වතා බව කියන තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22  දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.