Thursday, August 17, 2017
Hotline - 0770586666

'වෙලාවට මුදල් ගෙව්වෙ නැති නිසා ඔක්සිජන් සැපයීම නවත්තලා'- ඔක්සිජන් නැතුව ඉන්දියාවේ රෝහලක අලුත උපන් බිළිදුන් හැටක් මිය ගිහින් .! (PHOTOS)

2963Views

 

උතුරු ඉන්දියාවේ රජයේ රෝහළක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබදව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරනවා.

මෙම රජයේ රෝහලේ ළමා ඒකකයක එක්වරම ඔක්සිජන් සැපයුම නැවතී තිබෙන අතර ඒ හේතුවෙන් දරුවන් 60 දෙනෙකු පමණ ඔක්සිජන් ඌණතාවයෙන් මිය ගොස් ඇති බව එම පුවත් සේවා සදහන් කරනවා.

රෝහලට ඔක්සිජන් සැපයුම අඩාල වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් පිළිගෙන ඇති නමුත් මෙම ළමුන් මිය යාමට ඔක්සිජන් ඌණතාවය හේතුවක් වී නොමැති බව ඔවුහු පවසන බව සදහන්. 

තවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා ඔවුන් විසින් ඔක්සිජන් සැපයුම නතර කර ඇති බවයි.

මෙම අවස්තාවේදී සාත්තු සේවිකාවන් අතින් ක්‍රියාකරවන ශ්වසන ආධාරක මගින් දරුවන්ට ඔක්සිිජන් ලබාදීමට උත්සහ කළ බවත් මව්පියන් සහ ඥාතීන් වාට්ටුවල රැස්වීම නිසා ඊට බාධා සිදු වූ බවත් රෝහලේ පරිපාලකයන් ප්‍රකාශ ක‍රනවා

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය දරුවන් අතර වැඩි පිරිසක් අලුත උපන් දරුවන් බවද වාර්තා වෙනවා.