Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

"සංගා මහේල දිල්ශාන් හිටියා නම් මන් එන්නේවත් නෑ, ඩ්‍රෙසිං රූම් එකේදි බිස්කට් කන්න එපා කිව්වේ ශාරීරික ව්‍යායාම උපදේශකයා" චෝදනා වලට අසංක ගුරුසිංහගෙන් පිළිතුරු .!

7490Views

තමන්ට එරෙහිව මාධ්‍යයන්ට ව්‍යාජ තොරතුරු ලබා දීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ පවසනවා.
ඔහු මේ පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩක‍යන් කළමණාකරු ගුරසිංහට අවනත නොවි ඔහු හා ගැටුම් ඇති කර ගන්නවා යැයි සදහන් වූ පුවත සම්බන්ධයෙනි. එම තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් තමන් වත්මන් කණ්ඩායමේ සේවයට පැමිණියේ නවක ක්‍රීඩකයන් තරමක් දුෂ්කර තත්වයක සිටි නිසා බවත් ගුරුසිංහ පවසනවා.

"මේක මට හිතුණා ශ්‍රී ලංකා නවක කණ්‌ඩායමට සේවයක්‌ ලබා දෙන්න හොඳ අවස්‌ථාවක්‌ කියලා. අරවින්දත් මට මේ තනතුරට එන්න කියල කතා කළා. මොකද මහේල, සංගක්‌කාර සහ ඩිල්ෂාන් හිටියනම් මම මේ තනතුරට එන්නේ නැහැ. මොකද ඔවුන් හිටිද්දී මගේ සේවයක්‌ කණ්‌ඩායමට අවශ්‍ය වෙන්නේ නැහැ." යනුවෙන් අසංක ගුරුසිංහ මාධ්‍යයට පවසා තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට  ඇඳුම් කාමර තුලදී බිස්කට් ආහාරයට ගැනීම තහනම් කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා. ඒ සෞඛ්‍යට අහිතකර නිසා සහ ක්‍රීඩකයන් සමබල ආහාර වේලක් පමණක් ලබා ගත යුතු නිසා.

“අපේ භෞත චිකිස්ත්සක උපදේශකවරයා තමයි ක්‍රීඩකයන්ගේ ආහාර පිළිබඳව සොයාබැලීම භාරව ඉන්නේ. ඔහු කිව්වා ක්‍රීඩකයන්ට ඇඳුම් කාමරයේදී බිස්කට් ආහාරයට ගන්න එක නවත්වන්න ඕන කියල. කලින් දවසක ක්‍රීඩකයන්ගේ ඇඳුම් කාමරයේ බිස්කට් තිබිල හමුවුණාම මම සේවකයන්ට කිව්ව ඒක ඉවත් කරන්න කියල. ඇත්තෙන්ම මේ වාර්තා පලවෙන විදිහේ කිසි මත ගැටුමක් හෝ රණ්ඩුවක් ඇතිවුණේ නැහැ ක්‍රීඩකයෝ සහ මා අතර. ඒ වගේම මේ වාර්තා දැක්කම මට ක්‍රීඩකයෝ දුරකතනයෙන් කතාකරලා ඇහුව මේ ගැන..ඒ වගේම ඔවුන් කැමති වුණා මේ වෙනුවෙන් සහය වෙන්නත්.. ඒ වගේම මේ කටකතාව පැතිරෙද්දී ඔවුන් මගේ පැත්තේ ඉන්නවා කියලත් ඔවුන් තහවුරු කළා.”

එමෙන්ම මේ වනවිට තමන්ව කළමනාකාර ධුරයෙන් ඉවත්කර ඇති බවට පැතිරයන කතාවල සත්‍ය තත්වය පිළිබඳවත් ගුරුසිංහ මෙහිදී හෙළි කරා.

“මම තවමත් කණ්ඩායමේ කළමනාකරු.. මං ඉල්ලා අස්වී හෝ මට ඒ තනතුර අහිමිකර නැහැ..” යනුවෙන්ද අසංක ගුරුසිංහ පවසා සිටියා.

YOU MAY ALSO LIKE