Thursday, May 24, 2018
- 0770586666

"තරුණියට වයස අවුරුදු දහ හතයි - එකොලහ වසරේ ඉදන් ගණිකා සේවයේ යෙදිලා" ගණිකා වෘත්තියේ යෙදෙන පාසල් සිසුවියන් සො‍යා ගිය මෙහෙයුම .!

13551Views

වයස අවුරුදු 17ක බාල වයස්කාර තරුණියක් ගණිකා වෘත්තියේ යොදවා සිටි ත්‍රිරෝද රථ රියැදුරකු සහ සහය දුන් 56 හැවිරිදි කාන්තාවක් වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
මෙම බාල වයස් පාසල් සිසුවිය දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අදාළ ත්‍රිරෝද රථ රියදුරා සහ කාන්තාව ඇයව ගණිකා සේවයේ යොදවා තිබුනා.

වලාන දූෂණ මර්දන ඒකකයට ලැබී ඇති තොරතුරකට අනුව මෙම තරුණිය ගෙන්වා ගැනීමට අදාළ ත්‍රිරෝද රථ රියැදුරුගේ දුරකථනයට ඇමතුමක් ලබා දී තොරතුරු විමසා පොලිස් කණ්ඩායමේ උපාය දුතයකු ලෙස පෙනී සිටි නිලධාරියා මල්වාන ප්‍රදේශයට තරුණිය රැගෙන එන ලෙස ත්‍රිරෝද රථ රියැදුරුට දැනුම්දී ඇති අතර ත්‍රිරෝද රථ රියදුරා මේ තරුණිය සහ තවත් කාන්තාවක් රැගෙන පැමිණ තිබුනා.

මේ කාන්තාව තරුණියගේ මව ලෙසට පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මඟ රැකසිටි පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය නවතා සිදු කළ පරීක්ෂාවේදී එහි සිටි තරුණිය සහ මව ලෙස පෙනී සිට ඇති කාන්තාවගෙන් සහ රියදුරුගෙන් ප්‍රශ්න කොට තිදෙනාම අත් අඩංගූවට ගත්තා.

මෙම තිදෙනාගෙන් තරුණිය සහ 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරා දොම්පේ ප්‍රදේශයේ පදිංචි බවත් මව ලෙස පෙනී සිටි කාන්තාව බියගම පදිංචි බවත් අනාවරණය වී ඇති අතර අත්අඩංගූවට ගත් තිදෙනා බියගම පොලිසියට බාර දීමට පියවර ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ඒකකය සදහන් කරනවා.

තරුණිය පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මෙලෙස ගණිකා වෘත්තියට යොමු කර ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙනවා.

 
×
 

YOU MAY ALSO LIKE

×