Wednesday, September 20, 2017
Hotline - 0770586666

"ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහා‍ර ඕස්ට්‍රේලි‍යාවට එල්ල විය හැකියි, ජාතික ආරක්ෂාවට බුර්කාව තර්ජණයක්" - ඕස්ට්‍රේලියාවේ බුර්කාව තහනම් කරන්න මන්ත්‍රීවරිය කරපු අමුතු වැඩේ .!

6860Views

ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණික මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳීම ඕස්ට්‍රේලීයාව සංස්කෘතියට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඕස්ට්‍රේලියානු පාලකයන්ගෙන් හා ජනතාවගෙන් විවිධ චෝදනා එල්ල වේ. මේ අතරවාරයේ ඕස්ට්‍රේලීයාවේ බුර්කා තහනම් කළ යුතු බවට හඩක් නැගීමට එරට  සෙනෙට් මන්ත්‍රීවරයක් බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. 
එසේ පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලීයාවේ එරට වන් නේෂන් පක්ෂයේ නායිකා පෝලින් හැන්සන්ය. 

ඇය සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ විමතියට හේතු වී ඇති අතර ඇය පවසන්නේ සම්පූර්ණ මුහුණු ආවරණය නිසා ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතු විය හැකි බවයි.
එරට පාර්ලීමේන්තුවේදී වර්තමානයේ යුරෝපය ඇතුළු බටහිර ලෝකය මුහුණදෙන ත්‍රස්ත ප්‍රහාර ඇය සිහි කැඳවා ඇති අතර මේ තත්වය මත ඕස්ට්‍රේලියාවටද ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඇය පවසා සිටිනවා. බුර්කාව තහනම් කිරීමට ඇය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ මෝසම ඊයේ දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණි. 

මන්ත්‍රීවරිය සිදුකළ ක්‍රියාව  ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබීම විශේෂ්ත්වයකි. 

 

Related image
 

 

YOU MAY ALSO LIKE