Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

"අන්තිමේදි සියලූම දෙනා සතුටින් විසි‍ර ගිහින් ?, ලසිත් මාලිංග - දයාසිරි එකට හමු වෙයි " මාලිංගගේ බඩටත් තට්ටුවක් දමා දයාසිරි මාලිංග වැළද ගත් හැටි .!

4331Views

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික ‍යෝග්‍යතාවය පිළිබදව පසුගිය දින වල බොහෝ සෙයින් කතා බහට ලක් වුනා.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග අතර දැඩි වාග් සංග්‍රාමයක් පැවැති අතර ඒ නිසාම ලසිත් මාලිංගට එරෙහිව ක්‍රිකට් ආයතනය විසින් විනය ක්‍රියා මාර්ග පවා ගත්තා.

කෙසේ නමුත් මෙම “බඩ” සම්බන්ද කතාව නිසා දැඩි වාග් ප්‍රහාර එල්ලකරගත් ක්‍රීඩා ඇමති දයාසිරි සහ  ලසිත් මාලිංග, එම සිදුවීමෙන් පසුව ඊයේ (19) මුල්ම වතාවට මුහුණට මුහුණ හමු වුණා. ඒ දඹුලු කී‍්‍රඩාංගණයේදී.
දෙදෙනා පසුව සුහදව කතාබහ කළ අතර ඇමති දයාසිරි ලසිත් මාලිංගගේ “බඩට තට්ටුවක්” දමාන් ආකාරයත් කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.

ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය දඹුලු කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වෙනවා.

 


 

YOU MAY ALSO LIKE