Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

ෆිට්නස් හදාගෙන ලෙඩ නැතුව ඉන්න ගමන් තෑගී දිනන්න ක්‍රමයක් මෙන්න - ලංකාවේ විතරමයි!

54662Views

මේ දවස්වල ලංකාවේ ඉන්න බොහෝ දෙනක් නීරෝගී දිවි පෙවතක් ගත කිරීම සඳහා උනන්දු වනවා. මේකට ප්‍රධානතම හේතුව වන්නේ වර්තමාන ජීවන රටාවත් එක්ක බොහෝ දෙනා ඉතා පහසුවෙන් ලෙඩ රෝග වලට ගොදුරු වීමයි. බොහෝ දෙනා නීරෝගීව ඉන්න ව්‍යායාම කරන්න පටන් ගත්තත් ටික කලකින් ඒවා නවත්වා දමන්නේ ඒ සඳහා උත්ප්‍රේරකයක් නොමැති කමින්. මේ අඩුව පුරවාලීම සඳහා ලංකාවේ වෙළඳපොළට අපූරු තාක්ෂණික උපකරණයක් පැමිණ තිබෙනවා. මෙය හඳුන්වන්නේ GOYO ෆිට්නස් ට්‍රැක්ර් යනුවෙන්. මේ උපකරණය අපට නිරෝගිව ඉන්න උදව් කරනවා විතරක් නෙවෙයි ඒ සඳහා ත්‍යාග පිරි නැමීමත් සිදු කරනු ලබනවා.

 

ගොඩක් දෙනෙක් නිරන්තරයෙන් ව්‍යායාම කරත් තමන්ගේ සාර්ථකත්වය මැනගැනීමට විධිමත් ක්‍රමයක් ඔවුන්ට ඇත්තේ නැහැ. මෙන්න මේ හේතුව නිසාම තමයි ඔවුන් ටික දිනකින් ව්‍යායාම කිරීමත් නවත්වා දමන්නේ.  නමුත් ලංකාවේ අපිට ගැලපෙන විදියට ලංකාවේම සමාගමක් විසින් හඳුන්වා දී තිබෙන GOYO ට්‍රැකර් එක සහ APP  එක මගින් ලංකාවේ අපිටම ගැලපෙන විදියට අභියෝග ලබාදීම හා ඒවා සාර්ථකව නිම කළ විට GOYO සමග අත්වැල් බැඳගෙන ඇති ව්‍යාපාර සමූහයන් විසින් ත්‍යාග ලබාදීමත් සිදු කරනු ලබනවා. මේ නිසා තවදුරටත් තමන්ගේ හීනයට නොයා අතරමග ව්‍යායාම කිරීම නවතා දමන්න වෙන්නේ නැහැ.


 

තාක්ෂණික තොරතුරු

ගොයෝ ෆිට්නස් ට්‍රැකර් එක OLED තිරයකින් සමන්විත අතර එමගින් තිරයේ ඇති තොරතුරු ඉතා පැහැදිලිව දැක බලාගත හැකියි. එමෙන්ම මෙහි ඇති Optical Heart සංවේදකය මගින් අපගේ හෘද ස්පන්දය ඉතා නිවැරදිව මැන ගත හැකියි. ට්‍රැකර් එක සමග චාජින් ඩොක් එකක්ද ලැබෙන අතර එක්වරක් සම්පූර්ණ ආරෝපණය කිරීම මගින් සතියක කාලයක් පාවිච්චි කිරීමට හැක. ඉතා මෘදු සිලිකන් අමුද්‍රව්‍යයකින් මෙහි බෙල්ට් එක නිමවී ඇති නිසා දවස පුරා පැළඳ සිටින්නට කිසිම අපහසුවක් ඇත්තේ නැහැ.

මේ ෆිට්නස් ට්‍රැකර් එක පැලඳගෙන සිටින විට අපිට අමුතුවෙන් බට්න් ඔබ ඔබ වේලාව බලන්න ඕනේ නැහැ,. අපි ට්‍රැකර් එක දිහා බලපු ගමන් එහි තිරය ස්වයන්ක්‍රීයව සක්‍රීය වී වෙලාව හා තවත් තොරතුරු පෙන්වනවා. ඉන්පසු එහි ඇති Touch බටන් එක ආධාරයෙන් අපට ට්‍රැකර් එකෙහි විවිධ අංග වෙත යාමේ හැකියාව තිබෙනවා.

 

විශේෂතා

Calorie Tracker

මෙමගින් ඔබ ව්‍යායාම කරන විට ඔබගේ ඇගෙන් දහනය වන කැලරි ප්‍රමාණය දැනගත හැකියි. මෙමගින් වඩාත් සැලසුමකට අනුව ව්‍යායාම වල යෙදෙන්න ඔබට හැකිවනවා. ඔබ දිනකට ආහාර මගින් ගත යුතු කැලරි ප්‍රමාණය පාලනය කරන අතරේ ව්‍යායාම මගින් දිනකට දහනය කරන කැලරි ප්‍රමාණය මෙම ට්‍රැකර් එක භාවිතයෙන් පහසුවෙන් මැනගත හැකියි.

Step Counter

ඔබ දිනකට කොපමණ ඇවිදිනවාද යන්න මෙම ට්‍රැකර් එක මගින්  මැනගත හැකියි. වර්තමාන කාර්යබහුල ජීවන රටාව හේතුවෙන් බොහෝ දෙනා කාර්යාලයේ එක්තැනකට වී කාලය ගත කරනවා. නමුත් මෙම ට්‍රැකර් එක මගින් ඔබ දිනකට තබන පියවර ප්‍රමාණය මෙන්ම නීරෝගී දිවි පෙවතක් සඳහා කොපමණ දුර ඇවිදිය යුතුදැයි යන්න පෙන්වනු ලබනවා.

Distance Tracker

මෙම ගින් ඔබ ඇවිදින දුර ප්‍රමාණය මැනගත හැකියි. ඔබ ඔබටම අභියෝග කරගනිමින් දිනකට ඇවිදිය යුතු ප්‍රමාණය ට්‍රැකර් එකට ලබාදිය හැකි අතර එම දුර ඇවිදීමෙන් පසු Goyo ෆිට්නස් ට්‍රැකර් එක මගින් ඔබට පෙන්වනු ඇත.

Heart Rate Monitor

GOYO  හි ඇති Optical heart සංවේදකය මගින් ඔබගේ හෘද ස්පන්දනය ඉතා නිවැරදිව මනිණු ලබනවා. මෙමගින් ඔබගේ සාමාන්‍ය හෘද ස්පන්දනය හා ව්‍යායාම කරනවිට ඔබගේ හෘද ස්පන්දනය ඉතා නිවැරදිව බලාගත හැකියි.

Sleep Monitor

GOYO ට්‍රැකර් එක පැළඳගෙන නිදා ගැනීම තුලින් ඔබ නිදාගත් කාලයේ ඔබේ නින්දේ ඇති ගුණාත්මක භාවය පිලිබඳ ඔබට සවිස්තර වාර්තාවක් GOYO ඇප් එක මගින් ඔබට ලබාගත හැක.

Bluetooth Connectivity

GOYO ට්‍රැකර් එක බ්ලුටූත් තාක්ෂණය මගින් ඉතා පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමග සම්බන්ධ කරගත හැකියි.

GOYO APP

GOYO ඇප් යනු ඉතා අලංකාර ලෙස නිර්මාණයකොට ඇති තාක්ෂණයෙන් සන්නද්ධ වුණු ඇප් එකක්. මෙය android හා apple මෙහෙයුම් පද්ධති දෙකෙහිම ක්‍රියාත්මක කළ හැකි මෙය ලංකාවේ අපිට ගැලපෙන ආකාරයෙන් නිපදවා තිබෙනවා. ඇත්තටම මේ ඇප් එක ඔබගේ පෞද්ගලික සෞඛ්‍ය උපදේශකයා ලෙසත් සැලකිය හැකියි.

මෙහි ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ ලංකාවේ අපි වෙනුවෙන්ම නිපදවූ මේ සුවිශේෂී APP එක මගින් ඔබේ ක්‍රියාකාරකම් වලට ත්‍යාග ලබා දීමයි.

ඔබ මෙහි ලියාපදිංචි වූ වහාම යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් මිලියනයක් වටිනා හදිසි අනතුරු රක්ෂණයක් සහ 90,000 ක් වටිනා හදිසි රෝහල් ගතවීමේ රක්ෂනාවරණයක් ඔබට පිරිනමනවා.

ඒ වගේම මෙම ඇප් එක මගින් ඔබට ලංකාවේ අපිට ගැලපෙන ආකාරයේ විවිධ අභියෝග ලබා දෙනු ලබනවා. 


 

උදාහරණයක් ලෙස “Samanala Trail” ලෙස නම්කොට ඇති මෙම අභියෝගය මගින් ඔබට දවස් දෙකක් ඇතුලත  කිලෝමීටර් 8.5ක් දුරක් ඇවිදීමේ අභියෝගයක් ඔබට ලබා දෙනවා. ඔබ මෙම අභියෝග සම්පූර්ණ කිරීම මගින් මෙහි ඇති Level වල ඉහලට යාමේ හැකියාව ඔබට ලැබෙනවා. එක් එක් Level වලට යාමේදී මෙම App එක මගින් ඔබට Badge මෙන්ම එයට එහා ගිය සැබෑ ලෝකයේ විවිධ දීමනා හා ත්‍යාග ද ලබා දෙනවා. ඒ ඔවුන් සමග අත්වැල් බැඳගෙන ඇති ව්‍යාපාර සමූහුයන්ගේ අනුග්‍රහයෙන්. මෙම ව්‍යාපාර ජාලය විසින් ලබාදෙන වට්ටම් හා දීමනා මගින් ඔබේ ප්‍රගතිය අගය කිරීමත් එය දිගටම පවත්වාගෙන යාමටත් දිගින් දිගටම උනන්දු කරනු ලබනවා.

මෙයට අමතරව GOYO  භාවිතා කරන පුද්ගලයන් ඔවුන් ලබාගන්න ලකුණු හා මට්ටම අනුව පෙලගැස්වීමක් (Leaderboard) ද මෙම  ඇප් එක මගින් බලා ගත හැකියි.


 

ලංකාවේ අපිටම ගැලපෙන විදියට හදලා තියෙන මෙම ෆිට්නස් ට්‍රැකර් එක 4,999/= වගේ ඉතා පහසු මිලට අවුරුද්දක වගකීමක් සහිතව ඔබට මිලදී ගත හැකියි. ඒ https://goo.gl/8v1KNX වෙත පිවිසීමෙන් හෝ 0112 880990 ඇමතීමෙන් ෆිට්නස් ට්‍රැකර් එක 4999/= මිලකට ඔබේ ගෙදරටම ගෙන්වා ගත හැකියි.

වැඩි විස්තර සඳහා වීඩියෝව බලන්න පහතින් 

YOU MAY ALSO LIKE