Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

‘‘කාගෙවත් අවවාද අනුශාසනා අපිට එපා...‘‘ - රෝහින්ග්‍යාවරුන් හතළිස් දහසකට ඉන්දියාව කරන්න යන දේ (PHOTOS)

35312Views

නීති විරෝධී අයුරින් ඉන්දියාවේ රැඳී සිටින රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් එරටින් පිටුවහල් කිරීමට ඉන්දීය රජය සූදානම් වෙයි.

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට වද හිංසා පමුණුවන බව කියමින් විවිධ විදෙස් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඉන්දීය රජයට චෝදනා කළද,ඔවුන් නීති විරෝධී සංක්‍රමණියකයන් බවත්,ඔවුන්ට ඉන්දියාව තුළ රැඳී සිටිමට කිසිදු නීතිමය අවසරයක් නොමැති බවත් ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු වන කිරන් රිජ්ජු පවසයි.

එමෙන්ම මෙම කාරණාව සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවවාද අනුශාසනා ඉන්දියාවට අවශ්‍ය නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඔවුන් මුහුදට විසි කිරීමක් හෝ වෙඩි තබා ඝාතනය නොකරන බවත් රටින් පිටුවහල් කිරීමට පමණක් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව රටපුරා විශේෂ කාර්ය සාධක බලකා ඇති කරමින් ඉන්දියාව ඇතැම් ප්‍රාන්ත වල වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව හඳුනාගෙන පසුව ඔවුන් පිටුවහල් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

මියන්මාරයේ මේ වන විට ඇතිවී ඇති ගැටුම්කාරි වාතාවරණයත් සමග රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දහස් ගණනක් ඉන්දියාවටද පළා එමින් සිටී.

නීති විරෝධි රෝහින්ග්‍යා සංක්‍රමණියකයන් 40000ක් පමණ ඉන්දියාව තුළ වෙසෙතැයි පැවසේ.

මියන්මාරයේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා ජාතිකයන්  90,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පැන ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි. 

අගෝස්තු 25 වැනිදා රෝහින්ග්යා කැරැලිකරුවන් පොලිස් මුරපොළවලට සහ හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයක් සමඟ නව ගැටුම් ඇති වූ අතර මෙතෙක් පැවැති ගැටුම්වලින් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 


 

YOU MAY ALSO LIKE