Wednesday, September 20, 2017
Hotline - 0770586666

Man Of the Year කිරුළ පැළඳූ ප්‍රවීණ් ධනසේකර (PHOTOS)

8346Views

පසුගියදා ඉන්දුනීසියාවේදි පැවති Man Of the Year තරඟයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කල ප්‍රවීණ් ධනසේකර සමත් වුනා.රටවල් 20 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟය පැවැත්වුනේ කාණ්ඩ 5 ක් යටතේ.ඉන් Mindful කාණ්ඩයේ ජයග්‍රහණය මෙන්ම Muscular කාණ්ඩයේ සිවුවෙනි තැන සහ National costumes කාණ්ඩයේ පස්වෙනි තැන දිනාගැනීමටයි ප්‍රවීණ් ධනසේකර සමත් වුනේ.මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා දැනට එම විශ්ව විද්‍යාලයේම රැකියාවේ නිරත වී සිටිනවා.ශ්‍රී ලංකාවට ගෙන දුන් කීර්තිය පිලිබඳව කතා කරන්නට ඔහු Neth Gossip සමඟින් එකතුවුනා.

1. ප්‍රවීණ් ,ඔබ කොහොමද මේ තරඟයට සම්බන්ධ වුනේ?
මුලින්ම කියන්න ඕනේ මේ අවස්ථාව මාව යොමු කරේ කමිල් හේවාවිතාරණ.මේ සඳහා ඔහු බොහෝ සේ උනන්දු වුනා.ඉතින් ඔහුට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ.ඔහුගේ උනන්දුවත් එක්කයි මම මේ තරඟයට සමබන්ධ වෙන්නේ.

2. තරඟයට යන්න කවුද ඔබට උදවු කලේ?
කමිල් හේවාවිතාරණ ,Brian Kerkovan සහ අසිත පෙරෙරා මට ගොඩක් උනන්දු කලා.විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මගේ හිතවතුන්.ඔවුන් මට ලොකු සහයක් ලබා දුන්නා.

3.දවස් කීයක් මේ තරඟය පැවතුනාද?
දවස් 10 ක වගේ කාලයක් තමයි තරඟය පැවැත්වුනේ.ඒ කාලය ඇතුලත විවිධ තරඟ ඉසවු වලට අපි මුහුණ දුන්නා.මගේ අරමුණ වෙලා තිබුනේ කොහොමහරි උපන් රටට කීර්තියක් ගේන්න.ඉතිං ඒ වෙනුවෙන් ඒ දවස් 10 ඇතුළත විවිධ දුෂ්කර තරඟවලට මුහුණ දුන්නා.

4.අනෙක් තරඟකරුවන්ගෙන් ඔබට කොයි වගේ අභියෝගයක්ද එල්ල වුනේ?
හොඳ තරඟයක් එල්ලවුණා.විශේෂයෙන්ම muscular කාණ්ඩයේ තරඟය ගොඩක් අමාරු වුනා.නමුත් අපි හැම දෙනාම යහලුවෝ වගේ තමයි හිටියේ.

5.ජයග්‍රහණය ලැබුනම මොනවද ඔබට හිතුනේ?
ලොකු සතුටක් දැනුනා.මොකද මේ තරඟය වෙනුවෙන් මම මේ අවුරුද්දේ ගොඩක් කැපවුනා.පොඩි කාලේ ඉඳලම මගේ බලාපොරොත්තුවක් වුනේ කුමන ක්ෂ්ත්‍රෙයකින් හරි අපේ රටට ගෞරවයක් ගේන එක.ඉතිං මට සතුටුයි.ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න මට පුලුවන් වුනා.

6.ඔබ මේ ක්ෂ්ත්‍රයෙන්ම ඉදිරියට යන්නද බලාපොරොත්තු වෙන්නේ?
ඔව් ඉදිරියේදී පවත්වන තවත් තරඟවලට සහභාගී වෙන්න මම බලාපොරොත්තුවෙනවා.ඒ අතරේ මගේ රැකියාවේ වැඩ කටයුතුත් කරගෙන යනවා.