Wednesday, September 20, 2017
Hotline - 0770586666

ලොවම හොල්ලමින් අලුත්ම ඇපල් දුරකථන එළියට - සම්පූර්ණ විස්තර , ලංකාවේ මුදලින් මිළ ගණන් මෙන්න .!

26083Views

ලෝ ප්‍රකට ඇපල් සමාගම සිය 10 වන සංවත්සරය සමරමින් ඇපල් කාණ්ඩයේ නවතම දුරකථනය වන ඇපල් 8, ඇපල් 8 Plus හා ඇපල් x දුරකථන ඊයේ දිනයේදී හඳුන්වා දෙනු ලැබුවා. එම දුරකථන වල මිළ ගණන් සහ විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට නෙත් ගොසිප් අප තීරණය කළා.

 

 I phone 8 සහ 8 Plus 


ඇපල් ඇයි ෆෝන් 8 සහ 8 Plus ජංගම දුරකථන පසුගිය වසරේ එලි දැක්වූ 7 හා 7 Plus සමග සැසදීමේදී ලොකු වෙනස් කමක් දැක ගැනීමට නොහැකි වුවත් නව අංග කිහිපයක්ම ඇපල් සමාගම විසින් එකතුකොට තිබේ. ආලෝකයට සංවේදී වන නව HD Retina Display වලින් නව දුරකථන සමන්විත වන අතර A11 Bionic චිප් එකකින් සමන්විත වනවා. එය A10 චිප් එක සමග සැසඳීමේදී 25% වැඩි වේගයක් අයිෆෝන් 8 වෙත ලබාදී තිබෙනවා.ඉදිරිපස ඇති Stereo Speakers වල ශබ්ධය 25% කින් වැඩි දියුණු කිරීමටද ඔවුන් කටයුතු යොදා තිබෙනවා. බොහෝ ජංගම දුරකථන සමාගම් මෙයට පෙර හඳුන්වා දුන් රැහැන් රහිත චාජ් කිරීමේ පහසුකම ඇපල් මෙවර හඳුන්වා දෙනු ලැබුවා. රැහැන් රහිත චාජ් කිරීමේ පහසුකම් සඳහා ඔවුන් පොදු තාක්ෂණයක් භාවිතා කරන හෙයින් වෙළඳපොලේ දැනට පවතින බොහෝ රැහැන් රහිත දුරකථන චාජර් ඇපල් සඳහා යොදා ගත හැකිවනු ඇත. මෙවර දුරකතනයේ නිමාව වීදුරු සහ ඇලුමිනියම් මිශ්‍රව සකසා ඇති අතර Silver, Space Grey, Gold පහන් ලබාගත හැකිවනවා. ඇපල් 8 දුරකතනයේ මෙගා පික්සල් 12 කැමරාවකින්ද 8 plus දුරකථනය 12 මෙගා පික්සල් කැමරා දෙකකින්ද සමන්විත වනවා. 




Iphone 8 - 64 GB - 699$ (ලංකාවේ මුදලින් 110,000 ක් පමණ)
Iphone 8 Plus - 64 GB - 799$  (ලංකාවේ මුදලින් 125,000 ක් පමණ)

Video 



I Phone X 


ඇපල් සමාගම ඇයි ෆෝන් දුරකථනය එලි දක්වා වසර 10 ක් සැපිරීම වෙනුවෙන් i Phone 10 හෙවත් I Phone X  යනුවෙන් තවත් සුවිශේෂී දුරකතනයක් හඳුන්වා දෙනු ලැබුවා. Iphone 8 හා 8 Plus මාදිලිවල විශේෂාංග වලට අමතරව මෙහි ඇති විශේෂත්වය වන්නේ පළමු වරට Bezel less Display එකක් හඳුන්වා දීමයි. ඒ අනුව දුරකථනය පුරාවට විහිදුනු තිරයක් I phone X හි දැකගත හැකියි. ඇපල් විසින් මෙම වසරේ මෙම හඳුන්වා දීම සිදු කළත් මෙය පළමු වරට Xiaomi MI Mix දුරකථනය මගින් පළමු පළමු Bezzle less Display හඳුන්වා දෙනු ලැබුවේ 2016 වසරේදී ය. තවද I phone x දුරකතනයේ 3D Face Recognition තාක්ෂණය ද අඩංගු වනවා. මේ අනුව තම මුහුණට ෆෝන් එක යොමු කළ සැනින් ඇපල් ඇයි ෆෝන් x දුරකථනය අන්ලොක් කරගැනීමට හැකියාව ලැබෙනවා.මෙහි තිරය 5.8 inch වන අතර bezzle less හෙයින් විශාල දුරකථන තිරයක අත්දැකීම ලබාගත හැකියි.1125x2436 pixels රෙසලූෂන් super retina HD  Display එකකින් සමන්විත නිසා පෙර දුරකතනවලට වඩා වැඩි පැහැදිලි තිරයක් මෙහිදී දැකගත හැකියි. තව විශේෂත්වයක් වන්නේ මෙහි Apple Home Button එකදි ඉවත් කර තිබීමයි. Home Button එක වෙනුවට Swipe කිරීම මගින් App Drawer වෙත යාමේ පහසුකම ඇත. 




Video 

 

 

I OS 11 Update 
දැනට ඇපල් ජංගම දුරකථන භාවිතා කරන ය සඳහා ඇපල් OS හි නවතම සංස්කරණය ඇපල් I OS 11 සැප්තැම්බර් 19 වනදා සිට දුරකථන වලට ලබා ගත හැකියි. 

YOU MAY ALSO LIKE