Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

වසර ගණනකට පසු පාකිස්ථානයට ආ ක්‍රිකට් වසන්තය - ඊයේ ලෝක කණ්ඩායම හා පැවති තරඟයේ විශේෂ අවස්ථා මෙන්න (VIDEOS)

8233Views

ලෝක කණ්ඩායම හා පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ අතර පළමු විස්සයි 20 තරඟයේ ඊයේ ලාහෝර් නුවරදී පැවැත්වුණා.

තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස් කළා.සුපිරි පිතිකරණයක නියලුනු පාකිස්ථානු කණ්ඩායමේ බාබර් අසාම් පන්දු 52කදී ලකුණු 86ක් රැස් කළා.

මෙහිදී ලෝක කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරාගේ පන්දුවාර 4ට පාකිස්ථානුවන් ලකුණු 52 රැස් කළා.

ලකුණු 198ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ලෝක කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 177ක් පමනයි.ලෝක කණ්ඩයමේ  කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට නොහැකිවීම විශේෂත්වයක් වුණා.
.

පාකිස්ථානු ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න..

ලෝක කණ්ඩායමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

YOU MAY ALSO LIKE