Wednesday, September 20, 2017
Hotline - 0770586666

"ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වතාවලු" විරාත් කෝලීලාගේ පහසුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කෝටී ගණනක් යට කරලා ගන්න යන සුපිරි ජෙට් ‍යානය .!

16683Views

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ගමන් පහසුව සදහා සුපිරි ජෙට් යානයක් මිළට ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවදානය යොමු කර තිබෙනවා. එරට ලෝක ශූර හිටපු නායක කපිල් දේව් මෙම අදහස ප්‍රථමයෙන්ම ඉදිරිපත් කර තිබුනා. ඒ ඉන්දියාවේ ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. එහිදි කපිල් දේව් කියා සිටියේ ලොව පුරා සංචාරය කරන ඉන්දීය ක්‍රිඩකයන්ට සුව පහසු ගමනක් ලබා දීම උදෙසා ඉන්දීය පාලක මණ්ඩලය මෙලෙස ජෙට් ‍යානයක් මිළට ගත යුතු බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට අධික ලාභයක් ලැබීම නිසා මේ සඳහා ආයෝජනය කිරීමට ඕනෑවටත් වඩා මුදල් තිබෙනා බව කපිල් දේව් වැඩි දුරටත් පවසා තිබුනා. පසුගිය IPL රුපවාහිනි විකාශන අයිතිය විකුණා පමණක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉපැයූ මුදල ශ්‍රී ලංකාවේ මුදලින් කෝටී 17,000කට අධිකයි.

මීට අමතරව ලොව ඉහලම ආදායම් ලබන සහ ධණවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඉන්දීය ක්‍රීඩකයන්ද සිය පෞද්ගලික ගමන් සදහා පෞද්ගලික ජෙට් යානා මිළට ගැනීමට යොමුවිය යුතු බවද කපිල් දේව් පෙන්වා තිබුනා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ක්‍රීඩකයන් සදහා මෙලෙස පෞද්ගලික ජෙට් යානයක් මිළදි ගතහොත් , ක්‍රීඩකයන් සදහා පෞද්ගලික ජෙට් යානා සපයන ලොව ප්‍රථම හා එකම ක්‍රිකට් පාලක මණ්ඩලය බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වෙනු ඇත.


පෞද්ගලික ජෙට් යානා ඇතුලත

 

 


 


 


 

YOU MAY ALSO LIKE