හින්දු බැතිමතුන් වන්දනා කරන ගනේෂ දෙවියන්ට අපහාස වන අන්දමේ වෙළඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබෙනවා..
ගනේෂ දෙවියන් බැටළු මස් බුදින ආකාරය එහි දැක්වෙන අතර බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ ඇතුළු ආගමික නායකයන් එකම මේසයක අසුන් ගෙන භෝජනයක් භුක්ති විඳින ආකාරය එම රූපවාහිනී වෙළෙඳ දැන්වීමේ දැක්වෙනවා.
මෙය ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් විසින් සකස් කරන ලද වෙළඳ දැන්වීමකි.
කෙසේ නමුත් ගනේෂ දෙවියන් මස් බුදින බවක් මීට ඉහතදී කිසිදු තැනක සඳහන් වී නොමැති බැවින් එම වෙළෙඳ දැන්වීම ඕස්ට්‍රේලියාවේ හින්දු බැතිමතුන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබේ.
එමෙන්ම ඉන්දීය ප්‍රජා සංවිධාන ගණනාවක් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය විරෝධය පළ කර ඇති බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.