Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බස් රියදුරන් - බස් කපිතාන් ලා වෙයි ? බස් රථ රියදුරන්ගේ නාමය බස් රථ කපිතාන් දක්වා උසස් කරන්න , මන්ත්‍රීවරයෙකුගෙන් අපූරු යෝජනාවක් .!

3646Views

මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ගේ වෘත්තිය ගරුත්වය ඉහල නැංවීම සදහා බස් රථ රියදුරන්ගේ රාජකාරී නාමය " බස් රථ කපිතාන් " ලෙස වෙනස් කරන ලෙසට වූ යෝජනාවක් වයඹ පළාත් සභාවට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් විසිනි.
ඒ අනුව වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ප්‍රවාහනය වන මගී ප්‍රවාහන මගී බස් රථවල රියදුරන්ගේ රාජකාරී නාමය "බස් රථ කපිතාන්" ලෙස වෙනස් කරන ලෙස මෙම යෝජනාවේ දැක්වේ.
ලබන 19දාට යෙදී ඇති ව‍යඹ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත්‍රයටද මෙම යෝජනාව ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.
මීට අමතරව බස් රථ කාල සටහන් නියාමනය කිරීම සදහා නවීන ජී.පී.එස් තාක්ෂණය යොදා ගන්නා ලෙසද මන්ත්‍රීවරයා යෝජනා කර තිබේ.
 

YOU MAY ALSO LIKE