Thursday, November 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

පිපිරීමට පෙර ‘කොස්ගම කඳවුරට’ චීන්නු ඇවිත්

2215Views

කොස්‌ගම සාලාව අවි ගබඩාවේ තිබූ උණ්‌ඩ මිලට ගැනීම සඳහා චීන නොරින්කෝ සමාගමේ නිලධාරීන් දෙදෙනකු එම අවි ගබඩාවට පැමිණ පරීක්‍ෂා කළ බව අනාවරණයවී තිබෙනවා.

 

මෙම උණ්‌ඩ මිලට ගැනීමට පෙර ඒවා නිසි ලෙස අසුරා තබන ලෙස එකී නිලධාරීන් දෙදෙනා හමුදා බලධාරීන්ට උපදෙස්‌ දී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙකී උණ්‌ඩවල වටිනාකම රුපියල් බිලියන 18 කට අධික බවත් චීන නොරින්කෝ සමාගම හා හමුදා බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

 

එම සාකච්ඡාවන් සඳහා හමුදා නිලධාරීන් දෙදෙනකු චීනයට යෑමට ද නියමිතව තිබියදී ඇතිවූ අභිරහස්‌ ගින්නෙන් මුළු අවි ගබඩාවම විනාශවී තිබෙනවා.

 

(උපුටා ගැනීම – දිවයින/කීර්ති වර්ණකුලසූරිය)