Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

"මුල් කාලෙදි අතින් අල්ලන්නත් ලැජ්ජයි. ඒ කාලේ හරිම ලැජ්ජා බයක් තිබුණා. ඒත් දැන්නම් එහෙම ලොකු අවුලක් නෑ" නිළියක් වී පැමිණි ගමනේ අමුතු තැන් සඳනි පතිරණ හෙළි කරපු හැටි .!

10741Views

පුංචි තිරය හැඩ කරන දඟකාර හැඩකාර හුරුබුහුටි ඇය දැන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සඳනි පතිරණ නමින් කවුරුත් හදුනන ඇය සිය රංගන ජීවිතයේ තොරතුරු හා පෞද්ගලික ජිවීතයේ විශේෂ තොරතුරු ඉරිදා පුවත්පතක් සමග සංවාදයට එක්වෙමින් හෙළි කර තිබුනා.

එම සංවාදය පහතින්

සඳනි රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? 

මම පෙර පාසල් යන කාලෙ පත්තරවල කවර් පේජ් කළා. ඒවා දැකලා මාව වෙළෙඳ දැන්වීම්වලට එහෙම ඉල්ලලා තිබුණා. මුලින්ම වෙළඳ දැන්වීමක් සඳහා සම්බන්ධ වුණේ මම 5 වසරේ ඉද්දි. ලංකා බැංකුවේ‘‘රන් කැකුළු ගිණුම’’ වෙළඳ දැන්වීමට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඒ සඳහා මගෙ වයස ළමයි ගොඩක් සම්බන්ධ වෙලා හිටියා.

ඒ පටන්ගත්තු ගමන දැන් වෙළඳ දැන්වීම් කොයිතරම් සංඛ්‍යාවකට දායකවෙලා තියෙනවාද? 

වෙළෙඳ දැන්වීම් 15 ක් පමණ කරලා තියෙනවා. අන්තිමට කළේ චොකලට් මාරි වෙළඳ දැන්වීම. ඒ සඳහා නම් ඉතා ඉහළ ප‍්‍රතිචාරයක් තිබුණා.

එතකොට මුල්ම ටෙලිනාට්‍ය රංගනය? 

රංගනයට යොමුවුණේ නම් 07 වසරේදි. ඒ නාලන් මෙන්ඩිස් මහත්තයාගේ තරු කුමාරි ටෙලිනාට්‍යයට.

කොහොමද ඒ පළමු අත්දැකීම? 

ඒ නාට්‍යයෙ මම හිටියෙ යශෝධා විමලධර්ම අක්කාගේ පොඩි කාලෙට. ඒ නාට්‍යයේ මට දෙබස් කියන්න තිබුණේ නෑ. ඒ නිසා ඒ තරම් බය හිතුනෙත් නෑ.

ඇයි කලා ක්ෂේත‍්‍රය තෝරා ගන්න හිතුවෙ? 

මගේ අම්මා ගොඩාක් කැමැතියි මේ ක්ෂේත‍්‍රයට. ඉතින් අම්මා මගෙ දක්ෂතාවය දැකලා අම්මගෙ මඟ පෙන්වීම යටතේ තමයි මේ ගමන ආවේ. පොඩි කාලෙ ඇත්තටම මේ ගැන තේරුමක් තිබුණෙ නෑ. ඒත් ටිකක් ලොකුවෙලා දන්න කියන වයසට ආවම ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක මටම ආසා හිතුණා. ඉතින් මේ ක්ෂේත‍්‍රයේ වැරැුද්දක් නෑනෙ. ඒ නිසා දිගටම රැුඳිලා ඉන්න හිතුණා.

මේ වෙද්දි කොයිතරම් නිර්මාණ ප‍්‍රමාණයකට දායක වෙලා තියෙනවාද? 

මේ වෙද්දි ටෙලිනාට්‍ය 15 කට අධික ප‍්‍රමාණයකටත් වෙළෙඳ දැන්වීම් 15 කට අධික ප‍්‍රමාණයකටත් දායකවෙලා තියෙනවා. ටෙලිනාට්‍යවලින් වැඩි කතාබහකට ලක්වුණේ තූර්යා, ගිනිකඳු සහ තව දුරයි ජීවිතේ යන ටෙලිනාට්‍ය තමයි. ඒවට හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

පුංචි කාලෙ ඉඳන්ම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා ගොඩාක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය ලබාගෙන තියෙනවානෙ? ඒ ගැන මොකද හිතෙන්නේ? 

ඇත්තටම සතුටුයි. මොකද සාමාන්‍යයෙන් කෙනෙකුට ලැබෙන්නෙ නැති දෙයක් තමයි මේ ලැබිලා තියෙන්නෙ. මිනිසුන්ගෙ ආදරය, ආකර්ෂණය ලැබෙනවා කියන්නෙ ලොකු වාසනාවක්. මම ඒ දේ ගොඩක් අගය කරනවා. ඉතින් මේ කාලසීමාව ඇතුළත මට ලැබුණු දේවල් ගැන සතුටුයි වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. මොකද ගොඩාක් අය මේ ක්ෂේත‍්‍රයට එන්න ගොඩාක් ආසයි. ඉතින් මට පොඩි කාලෙම මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධවෙලා මේ විදියට ආදරය ලබන්න හැකිවෙලා තියෙනවා. මේ දේ ගොඩාක් අයට නොලැබෙන දෙයක්. මගේ පෙර වාසනාවකට තමයි මේ හැමදේම ලැබිලා තියෙන්නෙ.

සඳනි පුංචිම කාලෙ දායකවුණු නිර්මාණ දැන් ඹ ඔමඉැ හරහා එහෙම දකිනවනේ. එතකොට මොකද හිතෙන්නේ? 

අම්මෝ මගෙ පළවෙනිම වෙළඳ දැන්වීම දකිද්දි නම් හිනා යනවා. මොකද ඒකෙ මමද කියලා හොයන්නත් බෑ. ගොඩක් පොඩියි. කෙට්ටුම කෙට්ටුයි. ඒවා දකිද්දි ඉතින් මේ මම නේද කියලා සතුටක් නම් තියෙනවා.

තේරෙන වයසට ආවම පස්සෙ මුලින්ම ටිවී එකේ දැක්කම මොකද හිතුනේ? 

වෙළඳ දැන්වීම්වල මම ඉද්දි ඉස්කෝලෙ අක්කලාගෙන් එහෙම හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. ඒ කාලෙ මට රන් කැකුළු කියලා තමයි විහිළු කරන්නෙ. ගොඩක් අය ආදරෙයි. ඒවත් එක්ක ඉතින් පුංචි ආඩම්බරයක් එක්ක සතුටක් ඇති වුණා. තවමත් මාව ටීවී එකේ දකිද්දී ඒ සතුට එහෙමම තමයි.

සඳනිගෙ රංගන ජීවිතේ අමතක නොවන සිදුවීම් ඇති? 

අම්මෝ රංගන ජීවිතේ හැමදේම අමතක නොවන සිදුවීම් තමයි. හැම නාට්‍යයකම වගේ සුන්දර අසුන්දර හැමදේම තියෙනවා. ඒ අතරින් අමතක කරන්නම බැරි සිදුවීම් තියෙනවා. තූර්යා රූගත කිරීම් කරද්දී එක දවසක් ලොකු ඇබැද්දියකට මුහුණ දෙන්න වුණා. ඒ බල්ලෙක් මගෙ පස්සෙන් පන්නගෙන ඇවිත් මට තිබුණෙ ගේට්ටුවක් ඇරගෙන ඇතුළට යන්න. ඉතින් ඒ වහලා තිබුණු ගේට්ටුව ඇරගෙන ඇතුළට යන්න හදද්දි මට දංවැලක සද්දයක් ඇහුණා. මම ඒ වෙලාවෙම පිටිපස්ස හැරිලා බලද්දි කළු පාට ලොකු බල්ලෙක් දුවගෙන එනවා. දංවැලත් කඩාගෙන. ඉතින් ඒ වෙලාවෙ ගේට්ටුව ඇරගන්නත් මට බැරි වුණා බයවුණු පාරට. බල්ලා මගෙ ළඟට එද්දිම මම හයියෙන් කෑ ගැහුවා මගේ කෑ ගැහිල්ලට බල්ලා බයවෙලා මගෙ ළඟින් පැනලා දිව්වා. ඇත්තටම මගේ ජීවිතේට ඒ සිද්ධිය නම් අමතක වෙන්නේ නෑ. මාරම විදියට බය වුණා එදානම්. මගෙ අතත් සීරිලා තුවාලත් වෙලා හොඳ සිද්ධියක් තමයි වුණේ, අද මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා.

මේ මෑතකදීත් ‘‘තව දුරයි ජිවිතේ’’ රූගතකිරීම් කරද්දී අකරතැබ්බයකට මුහුණදෙන්න වුණා. ඒ මට ස්විමින් පූල් එකකට පනින සීන් එකක් තිබුණා. ඒකෙදි මගේ නියපොත්ත මුලින්ම ගැළවිලා. ඇත්තටම මට ඒකෙ වේදනාව පූල් එක ඇතුළෙ ඉද්දි දැනුනෙවත් නෑ. මොකද කකුල වතුරෙනෙ තිබුණෙ. ඒත් ගොඩට ආපුවම තමයි දැක්කෙ නියපොත්ත ගැලවිලා කකුලෙ ලේ ගලනවා. පස්සෙ නම් මාරම වේදනාවක් දැනුනෙ. ඉතින් ඒ රූගත කිරීමේ ඉතිරි ටික තිබුණෙ. මම උදිත් අබේරත්න අයියව ඇදගෙන ගිහින් පුල් එකට තල්ලූ කරන සිද්ධියක්. ඒගොල්ලො ඊට කලින් කතාවෙලා තිබුණා මට හොරෙන් මම එයාව තල්ලූ කරද්දිම මාවත් ඇදගෙනම පුල් එකට වැටෙන්න. කොහොමහරි ඒක එයාලට කරන්න ලැබුණෙ නෑ. මොකද මගේ කකුලේ තුවාලෙන් ලේ එනවා එයාල දැකපු නිසා. කොහොමත් මට ටිකක් තරහ යනවා කියලත් දන්නවනෙ. ඉතින් ඒ සිදුවීමත් කවදාවත් අමතක වෙන්නෙ නෑ.

තවත් සිදුවීමක් තියෙනවා. ඒත් උදිත් අබේරත්න අයියත් එක්ක රඟපෑ ‘‘හිම කඳු’’ ටෙලිනාට්‍යයේ ඒ කතාවෙ මම උදිත් අයියට ආදරේ කරනවා. නමුත් ඔහු මට කැමැති නෑ. ඉතින් මම එයාගෙ ආදරේ ආකර්ෂණය ගන්න එයා එනකං බලාගෙන ඉඳලා එයාගෙ ඉස්සරහට කඹයක් අරගෙන ගිහින් බෙල්ලෙ වැලදාගන්න හදනවා. එතනදී එයා කෑ ගහලා මට ඒ කඹේ අරගෙන ගහන පාරක් තියෙනවා. ඉතින් ඒකෙදි පුහුණුවීම්වලදීත් ඒක හොඳට කරන්න ඕනෑ කියලා තුන් පාරක්ම එයා මට ඒ කඹෙන් ගහනවා. ඒක ලොකු මහත කඹයක්. ඉතින් ඒ ගහපු පාරවල්වලට කකුල් එහෙමත් හොඳටම රතුවෙලා තිබුණෙ. තාත්තගෙනුත් බැණුම් ඇහුවා. ඒ සිද්ධියට. තාත්තා කොහොමටත් බයයි ආබාධ කර ගන්නවට. ඒකත් මගෙ රංගන ජීවිතේ මතක සටහනක්. තව ඉතින් රූගත කිරීම් කරද්දි නින්ද යන්න ඇවිල්ලා තියෙනවා. එක දවසක් කලන්තෙ දාලා තියෙනවා. ඒවගේ දේවලූත් තියෙනවා. තූර්යා නාට්‍යයේ තව සොඳුරුතම මතකයක් තමයි මමයි තිසුරි අක්කයි ලෝචනා අක්කයි අච්චාරු හදන එක. ඒ කාලෙත් ඇත්තටම හරිම සුන්දරයි.

ඒ වගේම තවත් අමතක නොවෙනම සිදුවීමක් තමයි මම පළවෙනියටම ආදර දෙබස් කියපු ‘‘වස්සාන සිහිනය’’ ටෙලිනාට්‍යය. ඒ නාට්‍යය කරද්දි මම ඉස්කෝලෙ ්රැුඛ කරන්නෙ. එහිදී මට මාධව විජේසිංහ අයියගෙ අතකින් එහෙම අල්ලන්න තියෙනවා. ඇත්තටම මම හරිම බයෙන් ඒ සිදුවීම්වලට මුහුණ දුන්නෙ. මුල් කාලෙදි ලැජ්ජයි. ඒ වගේම ඉස්කෝලෙන් බනියි කියලා බයයි. ඉතින් හරිම ලැජ්ජා බයක් තිබුණා. ඒත් දැන්නම් ඇත්තටම එහෙම ලොකු අවුලක් නෑ.

 


 

 

සංවාදය  : අද පුවත්පත

YOU MAY ALSO LIKE