Tuesday, December 12, 2017
- nethgossip.lk@gmail.com

"අවංක යාලූවෝ අදුර ගන්න හොදම කාලේ බලය නැති කාලේ , සමහර දවසට උදේ නැගිට්ටම කම්මැලිකමට අත්පුඩියක් ගහලා පාරේ යන අයට එන්න කිව්වාම ගිහින් එන්නම් කියලා යනවා, එන්නේ නැහැ " හිටපු ජනපති මේ කියන්නේ කවුරුන් ගැනද ?

22073Views

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින් රචනා කරනු ලැබූ  ‘යළි එතැන් සිට’ කෘතිය හා ‘මැති සබේ කළ කතා’ කෘතිය එළිදැක්වීම පසුගිය දා සිදු වුනා. එම උත්සවය සදහා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයක් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබෙනවා. එහිදි හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ‘එදා මහරජාණෝ කියලා මට කතා කරපු අය අද ඒකාධිපතියා කියනවා’ ‍යනුවෙනි
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් රචිත කෘතිය පළමුවෙන් සිය මෑණියන්ටත්, දෙවනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් පිළිගන්වනු ලැබූවා. 

එහිදී උත්සව සභාව ඇමතු හිටපු ජනපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ

‘‍පොතක් දොරට වඩින විට අලුත් හඳුන්වාදීමක් අද කළා. ඒ තරම් ලස්සන අලුත් ආරයක් අලුත් ඇරයුමක් අද දැක්කා. රෝහිත දේශපාලනයට ආවේ 97දි. පළවැනි වතාවෙම සභාපති වුණා. ඔහු මගේ පුද්ගලික ආරක්ෂකයෙක් කියලා බොහෝ අය හිතුවා. ගෝඨාභයත් හිතුවා. ඒ පෙනුමත් තියෙනවානේ. ඔහු එදා සිට කම්කරු, ධීවර ඇමැති කා‍ලේ සිට මා සමග සිටියා. සමහරු ඇමැතිකම් ගන්න ‍පොරකද්දි රෝහිත කිව්වා ඒ අයට ඇමැතිකම් දෙන්න, මට ඔබගේ නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කිව්වා. ඇමැතිකම කරගෙන යනකොටයි ඒක සැමටම වඩා බලගතු බව පෙනුණේ.
මම පැරදිලා මැදමුලනට ගියේ දේශපාලනයෙන් විශ්‍රාම යන්න. ගිය පැයේ ඉඳලා ජනතාව විශාල ලෙස ආවා. ඒ හැම තැනකම රෝහිත හිටියා. ඔවුන් නැවත මාව දේශපාලනයට ගෙනාවා. බලය තියෙන විට යාළුවෝ ඉන්නවා. අවංක හිතමිතුරෝ හඳුනා ගන්න හොඳම කාලය බලය නැති කාලය. මහරජාණෝ කියපු අය ඒකාධිපතියා කියලා හඳුනවන්න පෙලඹෙන කොට රෝහිත වෙනස්. හැමදාම බලයේ ඉන්න බැහැ. බලය තිබෙන විට පරිස්සම් වෙන්න ඕන, කළ යුතු, නොකළ යුතු දේ තියෙනවා. විපක්ෂයේ සිටියදී මුහුණ දෙන තාඩන පීඩන එනවා මා වටා ඉන්න හැමෝටම. අපිව හිර කරන්න හදන යුගයක්.
මැතිවරණ කල් දැමීම තුළ නිවටකම බියසුලුකම පේනවා. ඒත් රටට කියන්නේ වෙනස් දෙයක්. භික්ෂුවට අපහාස කරන හැටි දැක්කාම බෞද්ධයන් ලෙස වේදනායි. පිණ්ඩපාත යද්දී ‘හොට් ඩෝග්ස්’ දැම්මේ අපහාසයට. මේක කරපු පුද්ගලයාගේ හැඟීමද ආණ්ඩුවේ ප්‍රතිපත්තියද නායකයන්ගේ අනුදැනුම අනුව කරන්නක්ද? කිසිම ආගමක් මේක අනුමත කළේ නැහැ.
මේ ‍පොත් තුළ එතුමාගේ අත්දැකීම්වලින් රටට දිය හැකි පාඩම් පෙන්වලා තියෙනවා. එතුමාගේ අවංකකම, දක්ෂතාව අපි අගය කරනවා. රෝහිතටත්, නාමල්ට වගේ වයස ඇති නේද? එතුමාට සුබ උපන් දිනයක් කියලා පතනවා. ඔබ ගමන නිවැරදියි. ජනතා විශ්වාසයත් දිනාගෙන යන ගමනක් කාටවත් වළක්වන්න බැහැ.’ ලෙසය.

රෝහීත අබේගුණවර්ධන පාර්ලීමේන්තු මන්ත්‍රීවරයාද උත්සව සභාව ඇමතූ අතර ඔහු ප්‍රකාශ කලේ

"හෙට මගේ උපන් දිනය. මට මගේ පළමු සුබ පැතුම් පණිවිඩය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්. ගෙවුණු කාලය තුළ අදට මගේ දේශපාලන ජීවිතයට වසර 20ක්. ඒ දෙස හැරී බලද්දී 2015 ජනවාරි 09 එළිවන විට රටම අඳුරු කරපු දවසක්. ඒ පරාජය ලැබූ කාලයේ ලැබූ අත්දැකීම් මම පුංචි ‍පොතක ලියුවා. ඔබතුමා සමග ගහට ‍පොත්ත වගේ ඉන්න විට ලැබූ තිත්ත වුණත් ඇත්ත අත්දැකීම් මේ ‍පොතේ තියෙනවා. 2015 ජනවාරි 09 සිට මේ වනතුරු ලැබූ අත්දැකීම්, පාඩම් විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න බැරි තරම් ප්‍රායෝගිකයි. ඒ කාලයේදී අපි දැක්කා මිතුරා කවුද, හතුරා කවුද, බලයේ ඉන්නකොට ළංවෙන අය, නැති වෙනකොට දාලා යන අය හඳුනාගන්න ලැබුණා. ධීවර ඇමැති, කම්කරු ඇමැති, විපක්ෂ නායක, අගමැති, ජනාධිපති හැටියට මහින්ද මහත්තයාව මම දැකලා තියෙනවා. ඒ කාල සීමාවේදී රටේ නායකයා ලෙස හිටපු ජනාධිපතිට වඩා ජනවාරි 8 වැනිදායින් පස්සේ දැකපු මහින්ද රාජපක්ෂ චරිතය බලවත් බවයි මම විශ්වාස කරන්නේ.

බලය තියෙන විට සියල්ල කළ හැකියි සිතන සමාජයක බලය නැතිවුණාම අභියෝග එන විට වැටෙන්නේ නැතුව ඉන්න කෙනා සැබෑ නායකයා බව ඔබ පෙන්නුවා. වද තිස්දෙකම දෙන කොට ඔබතුමා වැටුණා නම් අපිත් වැටිලා. අපි වැටුණා නම් ජනතාවත් වැටිලා රටත් වැටිලා, ජනවාරි 9 වැනිදායින් පස්සේ ගෙදරට එන ජනතාව අඩුවුණා. සමහර දවසට උදේ නැගිට්ටම අම්මයි, මමයි විතරයි. කම්මැලිකමට අත්පුඩියක් ගහලා පාරේ යන අයට එන්න කිව්වාම ගිහින් එන්නම් කියලා යනවා. එන්නේ නැහැ. දැන් ඒ අය ටිකක් ළංවෙනවා. හොරණ පැත්තේ තැනකට නාන්න ගියාම හිතුණාම නාන තැන පුංචි ආණ්ඩුවක් අපි හදාගත්තා. ඒකේ ජනාධිපති මම. වතුරේ ඉන්නකොට සෞඛ්‍ය ඇමැතිගෙන් පරිස්සම් වුණා. හැබැයි ගොඩට එන කොට නිකම්ම නිකම් රෝහිත අබේගුණවර්ධනමයි." යනුවෙනි.

 
×
 
 
 
 
×