Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

පහුගිය දවස්වල බුකිය රත් කළ තෙල් ජාවාරමේ ඇත්ත මෙන්න

12604Views

මෙරට ලිහිසි තෙල් වෙළඳපොලේ සිදුවන දැවැන්ත වංචාවක් පිලිබඳ පසුගියදා ලිපිය මගින් අප ඔබට හෙළිකර සිටියා. සමාජ ජාල ඔස්සේ කතා බහට ලක්වූ loose ලෙස විකුණන්නට තිබෙන ලිහිසි තෙල් වලට දැවී තෙල් එකතු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමෙන් පසුව ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කැල්ටෙක්ස් ආයතනය මූලිකත්වය ගෙන තිබෙනවා.

ලිහිස් තෙල් ආනයනය කිරීම, නිෂ්පාදනය හා බෙදාහැරීම ලංකාවේ බලපත්‍ර ලාභී කර්මාන්තයකි. නමුත් මේවනවිට බලපත්‍ර ලාභීන්ට අමතරව තවත් ජාවාරම්කරුවන් පිරිසක් එකතුවී බැරල් වල බහා loose ආකාරයට විකුණන ලිහිසි තෙල් වලට කිලෝමීටර් දහස් ගණනක් දුවපු භාවිතා කළ තෙල් එකතු කොට විකිණීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

එම ලිහිසි තෙල් භාවිතා කිරීම මගින් වාහනයේ එන්ජිමට හානි සිදුවීම වැළක්විය නොහැකි කරුණක්. මෙයට හොඳම විසඳුම වන්නේ බැරල් වල බහා සන්නම් නාම රහිතව හෝ ව්‍යාජ සන්නම් නාම සහිතව විකුණන loose තෙල් මිලදී නොගෙන කෑන් ආකාරයට විකිණීමට ඇති පිළිගත් රජයේ අනුමැතිය ලත් සමාගම්වල ලිහිසි තෙල් මිලදී ගැනීමයි. එමගින් ඔබේ වාහනයේ එන්ජිම දෝෂ රහිතව වැඩි කලක් භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ලිහිසි තෙල් වෙළඳපොලේ වසර විස්සක් තිස්සේ මුල්තැන හිමිකරගෙන සිටින කැල්ටෙක්ස් සමාගම පරම්පරා ගණනාවක විශ්වාසය රැඳී අන්තර්ජාතිකව පිළිගත් සන්නම් නාමයකි.

මේ පිලිබඳ වීඩියෝව බලන්න පහතින් 

කැල්ටෙක්ස් ආයතනය මේ පිලිබඳ දැනුවත් කරමින් මහජනතාව වෙත ඉදිරිපත් කළ පණිවිඩය බලන්න පහතින්


 

YOU MAY ALSO LIKE